කොළඹ සිට ඉන්දියාව බලා යාත්‍රා කළ නෞකාවක පිපිරීමක්
කොළඹ සිට ඉන්දියාවේ නවා ෂෙවා වරාය දක්වා ගමන් කරමින් තිබූ නෞකාවක පිපිරීමක් සිදුව තිබේ.
රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක්ය යන්න විශ්වාස කරන බව ජාතික ජන බලවේගය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සිටියි.
එම නිවේදනය පහතින්,
"2024 ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කොට ප්‍රතිඵල නිකුත් කිරීමේදී කිසිදු අකටයුත්තකට ඉඩ නොතබා එම කාර්යය ඉතාම නිවැරදිව හා නිරවුල් ලෙස සිදු කිරීමට මැතිවරණ කොමිසම හා ඊට අදාළ නිලධාරීන් කටයුතු කරනු ඇතැයි අපි විශ්වාස කරමු.
එසේම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්‍ෂාව තහවුරු කිරීමට පොලීසිය ඇතුළු ආරක්‍ෂක අංශ කටයුතු කරනු ඇතැයිද අපි විශ්වාස කරමු.
මේ තත්වය තුළ රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක්ය යන්න විශ්වාස කරන අපි, පශ්චාත් මැතිවරණ කාලයේ රට තුළ උපරිම සාමකාමී තත්වයක් පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා මෙන් ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින අතර රට තුළ සාමකාමීත්වය ආරක්‍ෂා කර ගැනීම සඳහා උපරිම සහාය දක්වන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිමු.
ජාතික ජන බලවේගය"
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කොළඹ සිට ඉන්දියාවේ නවා ෂෙවා වරාය දක්වා ගමන් කරමින් තිබූ නෞකාවක පිපිරීමක් සිදුව තිබේ.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමට අද (09) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
යුද හමුදාවෙන් නීත්‍යානුකුලව ඉවත් වු 10,000ක පිරිසක් පොලිස් සේවයට බඳවා ගැනීමට සැලසුම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.