ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
ජනාධිපතිවරණයට දිනයක් තිබියදී ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (20) අලුයම විදේශ ගතවී ඇත.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් අලුයම 3.05ට ඩුබායි බලා පිටත් වූ EK 659 දරණ එමිරේට්ස් ගුවන් සේයට අයත් යානයකින් ඔහු ඩුබායි බලා පිටත්ව ගිය අතර එහි සිට ඔහු ඇමෙරිකාව බලා ගමන් ගන්නා බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු අමාත්‍යවරයා ගුවන් ගොටුපළේ ගෝල්ඩ් රූට් විශේෂ ප්‍රවේශයෙන් ඇතුළු වී ඇති අතර ඔහු ගමන් කර ඇත්තේ තනිවමය.
හිටපු රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක, පාර්ලිමේන්තු මන්ත්‍රි සංජීව එදිරිමාන්න සහ ජයනත කැටගොඩ ද ඔහු සමඟ ගුමන් තොටුපළට පැමිණ ඇත.
ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙන් මෙවර ජනාධිපතිවරණයට තරඟ වදින නාමල් රාජපක්ෂ ගේ මැතිවරණ ව්‍යාපාරයේ වෙනුවෙන් ඔහු පසුගිය සති කිහිපයේ හි විශාල කාර්ය භාරයක් කර තිබිණ.
මේ අතර මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද මිට දින කිහිපයකට පෙර ඉන්දියාවට ගොස් ඇත. ඒ, ආගමික වැඩසටහනක් සඳහා ය.
මේ අනුව, ගෝඨාභය සහ බැසිල් බාප්පලා දෙදෙනාගේම ඡන්දය නාමල් රාජපක්ෂට අහිමිව ඇත.
theleader.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.