මෙරට ආපදා මරණ තවත් ඉහළට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර සිටියේ, ඡන්දය ප්‍රකාශ කිරීමට සියලු සේවකයින්ට නිවාඩු ලබාදිය යුතු බවයි.
ඒ අනුව රාජ්‍ය අංශයේ සේවකයින්ට ආයතන සංග්‍රහය අනුව අවම පැය 4ක කාලයක් ඇතුළුව දුර ප්‍රමාණය අනුව ඡන්ද පොළට යෑම සඳහා නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක පවසයි.
ඒ වගේම පෞද්ගලික අංශයේ සේවකයින්ටත් පහත පරිදි ඒ ඒ දුර ප්‍රමාණය අනුව නිවාඩු ලබාදීම අවශ්‍යය වේ.
කිලෝමීටර් 40ක් හෝ ඊට අඩු නම් දින භාගයක නිවාඩුවක්
කිලෝමීටර් 40ත් - 100ත් අතර දුරක නම් දිනක නිවාඩුවක්
කිලෝමීටර් 100ත් - 150ත් අතර දුරක නම් දින එකහමාරක නිවාඩුවක්
කිලෝමීටර් 150ට වැඩි දුරක නම් දින දෙකක නිවාඩුවක්
එහෙත් තමන්ගේ සේවා ස්ථානය බොහෝදුර බැහැර ස්ථානගත වී ඇති සමහර ඡන්දදායකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට දින තුනක් ගතවෙනවා නම්, ඒ සඳහා ගතවන දින තුනක නිවාඩුව ද ලබාදීමට ආයතන කටයුතු කළ යුතු බව ද මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක සඳහන් කළේය.
රාජ්‍ය හා පුද්ගලික විශ්වවිද්‍යාලවල කාර්යමණ්ඩලවල හා ශිෂ්‍යයින්ගෙන් හා ඇඟලුම් කර්මාන්තශාලා ඇතුළු සියලුම පෞද්ගලික සේවා ස්ථානවල සේවකයින්ට ඉහත පරිදි ඡන්දයට නිවාඩු ලබාදීමට කටයුතු කරන ලෙස සියලු ආයතනවලින් මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක වැඩිදුරටත් ඉල්ලීමක් සිදුකළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.