ආපදාවට ලක්වූ අනාරක්ෂිත දරුවන්ගේ තොරතුරු ප්‍රචාරණයෙන් වළකින්න
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
දෙමාපියන් නොදැනුවත්ව දරුවන්ට පැරසිටමෝල් අධිමාත්‍රා ලබා දීම නිසා දරුවන් රෝහල්ගත වීම සුලභ බවත් මේ නිසා දරුවන්ගේ අක්මාවට හානි වන බැවින් නියමිත මාත්‍රාවලින් බැහැරව පැරසිටමෝල් ලබා නොදෙන ලෙස ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය රවී ජයවර්ධන අවධාරණය කරයි.
ඔහු මේ බව සඳහන් කළේ අගෝස්තු මස 31 වනදාට යෙදෙන ජාත්‍යන්තර අධිමාත්‍රා පිළිබඳ දැනුවත් කිරීමේ දිනය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද(28) පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.
වෛද්‍යවරයා නියම කරන ඖෂධ වට්ටෝරු තුළ ද පැරසිටමෝල් ඖෂධය අන්තර්ගත විය හැකි බැවින් දරුවන්ට උණ ඇඟපත වේදනා ඇතිවිට පැරසිටමෝල් අමතරව ලබා දීම නිසා දරුවන් මිය යන අවස්ථා පවා තිබෙන බව ද රවී ජයවර්ධන සඳහන් කළේය.
දරුවන්ට උණ රෝගය උත්සන්න වූ විට පැරසිටමෝල් අධිමාත්‍රාවලින් දීමට ඇතැම් දෙමාපියන් පෙළඹෙන බවත් එලෙස නොකරන ලෙසත් වෛද්‍ය උපදෙස් පරිදි නියමිත මාත්‍රා නියමිත පරිදි ලබා දෙන ලෙසත් වෛද්‍යවරයා මෙහිදී පැවසීය.
මේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගන්නා ලෙසත් වෛද්‍යවරයා නියම කරන ඖෂධ වට්ටෝරුව තුළ පැරසිටමෝල් ඖෂධය අන්තර්ගත ද, අමතර පැරසිටමෝල් මාත්‍රාවක් දරුවාට ලබා දිය යුතු දැයි වෛද්‍යවරයාගෙන් අසා දැන ගන්නා ලෙසත් ඔහු අවධාරණය කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් රවි ජයවර්ධන සඳහන් කළේ ඕනෑම ආකාරයක ඖෂධ විෂවීමකදී ජාතික රෝහලේ ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ 0112 686 143 යන දුරකතන අංකය අමතා අවශ්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.
හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට ගෙන තිබේ.