පොදු සමාව අවභාවිත කරලා - පොලිසියෙන් නිවේදනයක්
ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනය සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.
ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇති අතර ඒ අනුව අගෝස්තු මස 21 වනදා සිට මෙම නව ජල ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
සමෘද්ධිලාභීන් සහ වතු නිවාස හැර ගෘහස්ථ කාණ්ඩය, රජයේ පාසල්, රජයේ උපකෘත පාසල් කාණ්ඩය සහ රජයේ අනුමත පුණ්‍යායතන සහ රජයේ රෝහල් කාණ්ඩය යන අංශ මෙම නව ජල ගාස්තු සංශෝධනයට අයත් කාණ්ඩයන් වෙයි.
මිල සූත්‍රය මත පදනම්ව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ගෘහස්ථ ජල පාරිභෝගිකයින්ගේ ජල ගාස්තු සියයට 7 කින්ද, රජයේ රෝහල්වල සියයට 4.5 කින්ද, පන්සල් සහ ආගමික ස්ථානවල සියයට 6.3 කින්ද අඩු කිරීමට අනුමැතිය හිමිවී තිබේ.
ඒ අනුව සමස්ථයක් ලෙස සියයට 5.94 කින් ජල ගාස්තු අඩු කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබුණි.
ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 0 සිට 05 දක්වා ගාස්තුව ඒකකයක් රුපියල් 60 සිට 50 දක්වා රුපියල් 10කින් අඩුකර ඇති අතර, ඒකක 76 ත් 100ත් අතර ඒකකයක් සඳහා අය කරන ගාස්තුව රුපියල් 270 සිට 250 දක්වා රුපියල් 20කින් පහත දමා ඇත.
රජයේ සහ රජයේ උපකෘත පාසල් කාණ්ඩය සහ රජයේ අනුමත පුණ්‍යායතන සහ රජයේ රෝහල් කාණ්ඩය යටතේ සියලු ඒකකයක් සඳහා අය කළ රුපියල් 60ක ගාස්තුව රුපියල් 5කින් පහත දමා ඇති අතර, එහි නව ගාස්තුව වන්නේ රුපියල් 55කි.
මේ අතර ඒකකයක් රුපියල් 100ක්ව පැවති රජයේ රෝහල් සඳහා භාවිත කරන ජල ඒකකයක් රුපියල් 95ක් දක්වා රුපියල් 05කින් අඩුකිරීමට කටයුතු කර තිබේ.
කෙසේ වෙතත් මෙම ජල ගාස්තු සංශෝධනය යටතේ මාසික සේවා ගාස්තුවේ කිසිදු සංශෝධනයක් සිදු කර නොමැත.
ගැසට් නිවේදනය පහතින්,
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනය සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.
රේගුවෙන් නිදහස් කළ ප්‍රශ්න ගත බහාලුම් තුළ නීති විරෝධී හෝ සැක කටයුතු කිසිවක් නොමැති බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව අද (08) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ය.
වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය, අද (08) උදෑසන 8ට අවසන් කර තිබේ.