මේ නව චින්තනය මැද මාවත අනුගමනය කර සමාජ සාධාරණත්වය යුක්තිය ඉටුකරන නව මාවතකට ප්‍රවේශ වන බවත්, මෙහි දූෂණයට වංචාවට කිසිදු ඉඩක් නොමැති බවත් ප්‍රසම්පාදන ක්‍රමවේද බැහැර කරමින් අන්ත දූෂිත රාජ්‍ය ගනුදෙනු බැහැර කර දූෂණය මුලින් උපුටා දැනීමේ ආර්ථික නිදහස දිනා ගන්නා මෙහෙයුමට එක්වන ලෙස ආරාධනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ ඉකුත් 20 දා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැති ජාතික වෘත්තිකයන්ගේ කවුන්සිලය (භක්‍ඡ) විසින් සංවිධනය කර තිබූ ශ්‍රී ලංකාවේ වර්ධන අවස්ථා විකේතනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික හා ව්‍යාපාරික ක්ෂේත්‍රවල වෘත්තිකයන්, ව්‍යවසායකයින් සහ අනාගතවාදීන්ගේ අදහස් හුවමාරු කර ගන්නා හමුවක් අමතමිනි.