මෙරට ආපදා මරණ තවත් ඉහළට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මෙරට පවතින කැත, මජර දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම වෙනුවෙන් ජාතික ජනබලවේගය පෙනී සිටින බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (13) පැවසීය.
පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අද පෙරවරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී අනුර කුමාර දිසානායක එසේ පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය උපයෝගී කරගෙන රාජ්‍ය මුදල්, රාජ්‍ය වාහන, රජයේ කාර්යාල සහ රාජ්‍ය නිලධාරීන් ප්‍රචාරක කටයුතුවලට යොදාගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා විපක්ෂ නායක කාර්යාලය ජනාධිපතිවරණ ප්‍රචාරයට යොදාගනිමින් සිටින බවත් ඒ සියලු දෙනා රාජ්‍ය මුදල්, රාජ්‍ය දේපළ යොදවා ගනිමින් කටයුතු කරන ආකාරය සියලු දෙනාට දැකගත හැකි බවත් ඔහු කීය.
ප්‍රචාර දීමේදී සෑම දේශපාලන ව්‍යාපාරයකටම සාධාරණ කාලයක් දීමේ වගකීම මාධ්‍යයටත් පැවරී තිබෙන බව කී ඔහු ඇතැම් මාධ්‍ය ආයතන තෝරාගත් අපේක්ෂකයන් ප්‍රවර්ධනයට සමස්ත මාධ්‍ය ජාලයම යොදවා ඇති බව ද සඳහන් කළේය.
තෝරා ගත් අපේක්ෂකයාට අභියෝගයක් වන්නේ යැයි කල්පනා කරන අනෙක් දේශපාලන කඳවුරට අසත්‍ය, අභූත චෝදනා එල්ල කරමින් සිටින බවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා එයත් බාධාවක් මෙන්ම මේ වන විට ඡන්දදායකයන්ට අල්ලස්දීමේ ක්‍රියාවලියකුත් ආරම්භ කර තිබෙන බවත් ඔහු පැවසීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.