මහෙස්ත්‍රාත්-දිසා විනිසුරු ඇතුළු අධිකරණ නිලධාරින් 106කට ස්ථාන මාරු
අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ලබන 15 වැනිදා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි දිසා විනිසුරුවරුන්, මහෙස්ත්‍රාත්වරුන් ඇතුළු අධිකරණ නිලධාරීන් 106 දෙනකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
ජනාධිපතිවරණ ඡන්ද විමසිමේ කටයුතු නිරීක්ෂණය කිරිම සඳහා විදේශීය නිරීක්ෂකයින්ට මැතිවරණ කොමිෂන් සභාවේ අවසරය ලබාදි තිබේ.
යුරෝපා සංගමය සහ පොදුරාජ්‍ය මණ්ඩලය විසින් කළ ඉල්ලිමකට අනුව එම නිරීක්ෂකයින්ට ඊට අවසර ලබාදුන් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක සඳහන් කළේය.
ඒ අනුව යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් ඉදිරි දිනවල දි දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ලබන 15 වැනිදා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි දිසා විනිසුරුවරුන්, මහෙස්ත්‍රාත්වරුන් ඇතුළු අධිකරණ නිලධාරීන් 106 දෙනකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අද දිනයේ ද කථානායකවරයා පිළිනොගැනීම ගැන විපක්ෂයේ මන්ත්‍රීවරු විරෝධය පළ කිරීමෙන් පාර්ලිමේන්තුව තුළ ඇති වූ උණුසුම් තත්ත්වය නිසා කථානායකයවරයා විසින් පාර්ලිමේන්තු කටයුතු විනාඩි 10කට කල්තැබීය.
"ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ" පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුව තිබේ.