රතන හිමිට ඇප
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇපමත මුදා හැරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝග කර තිබේ.
වතුකරයේ ජනතාව සැබෑ ලෙස සමාජගත කිරීම වෙනුවෙන් ඔවුන් සියලු දෙනාටම සින්නක්කර ඔප්පු ලබාදීමට කටයුතු කරන බවත් පදිංචි ස්ථානයේ අයිතිය තවදුරටත් දීමනා පත්‍රයකට සීමා නොවිය යුතු බවත් මේ සම්බන්ධයෙන් වන ජනපති වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ක්‍රියාවට නැංවෙන බවත් වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ වසර 200ක පමණ ඉතිහාසයක් ඇති වතුකරයේ ජනතාව අයිතිය නොමැති ඉඩම් හේතුවෙන් වඩාත් පීඩාවට පත්ව ඇති බවයි.
ඔහු මේ බව කියා සිටියේ වතු ජනතාවට නිවාසවල පූර්ණ අයිතිය ලබා දීම පිළිබඳ ඊයේ (31) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා, වතුකරයේ ජනතාව සඳහා නව ගම්මාන ඉදිකිරීමට සැලසුම් කර ඇති බව කියා සිටියේ ය. ඒ සඳහා වැවිලි සමාගම් මගින් ඉඩම් වෙන් කරන අතර රාජ්‍ය මැදිහත් වීම යටතේ නිවාස ඉදිකිරීමට නියමිත බවයි අමාත්‍යවරයා කියා සිටියේ. එම ගම්මාන සියලු පහසුකම්වලින් සමන්විතව ඉදි කෙරෙන අතර වතු ජනතාව සෑබෑ ලෙස සමාජගත කරවීම මෙම වැඩපිළිවෙළෙහි අරමුණ බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇපමත මුදා හැරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝග කර තිබේ.
රජයේ හා රජයේ ආධාර ලබන පාසල් සිසුන් 4,418,404ක් සඳහා 2026 වර්ෂයට නියමිත සමස්ත නිල ඇඳුම් ප්‍රමාණයම ප්‍රදානයක් ලෙස ලබාදීමට චීන රජයේ එකඟ වී තිබේ.
අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ලබන 15 වැනිදා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි දිසා විනිසුරුවරුන්, මහෙස්ත්‍රාත්වරුන් ඇතුළු අධිකරණ නිලධාරීන් 106 දෙනකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.