ප්‍රමිතියකින් තොර ඖෂධ අලෙවි සැල් 82ක බලපත්‍ර තාවකාලිකව අත්හිටුවයි
දිවයින පුරා ඖෂධ අලෙවිසැල් 82ක බලපත්‍ර තාවකාලික අත්හිටුවීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
රට විනාශ කරන්න සහය වූ, වැරදි තීන්දුවලට අත ඉස්සු, පාර්ලිමේන්තුවේ ඉන්න කිසිවකු ජාතික ජන බලවේගයේ වේදිකාවත් එක්ක සම්බන්ධ කර නොගන්නා බවට සහතික වෙනවා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසීය.
අනුරාධපුර, බුල්නෑව නගරයේදී ඊයේ (30) පැවැති ජාතික ජන බලවේගයේ ගොවි රැළිය, අමතමින් අනුර කුමාර දිසානායක ඒ බව පැවැසීය.
''අපි මාරුවෙන් මාරුවට ඡන්දය දුන්නාට, මාරුවෙන් මාරුවට නායකයෝ ගෙන ආවට, මාරුවෙන් මාරුවට ආණ්ඩු හැදුවාට ඒ හදලා තියෙන්නේ ඒ ගොල්ලන්ගේ ආණ්ඩු, අපි එකවතාවක් හදමු ජනතාවගේ ආණ්ඩුවක්. ඒ තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්. අපි නීතී හදන්නේ පොදු ජනතාව වෙනුවෙන්. සල්ලි වියදම් කරන්නේ පොදු ජනතාව වෙනුවෙන්.
ගොවි ජනතාව ණය බරින් නිදහස් කර ගන්න ඕන. යම් ණය ප්‍රමාණයක් කපා හරින්න ඕන.ඒ ගොල්ල කපන්නේ දයා ගමගේගේ ණය අපි කපන්නේ ගොවි ජනතාවගේ ණය. අපි 2004 චන්ද්‍රිකා එක්ක පරිවාස ආණ්ඩුවට ගියා. දාපු එක කොන්දේසියක් තමයි රුපියල් 25 000 ක් දක්වා සියලු ගොවි ණය කපන්න ඕන කියලා. අපේ කොන්දේසිය වුණේ ගොවි ජනතාවගේ ණය කපන්න.
ඒ ඒ ගොල්ලන්ගේ ආණ්ඩු. අපි හදන්න ඕන ජනතාවගේ ආණ්ඩුවක්. ඒ නිසා තමයි කියන්නේ සැප්තැම්බර් මාසේ 21 වැනිදා කියන්නේ වැදගත් දිනයක්, මෙච්චර කල් හැදුවේ ඒ ගොල්ලන්ගේ ආණ්ඩු, මෙවර අපි පළමු වතාවට ජනතාවගේ ආණ්ඩුවක් හදමු.''
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයින පුරා ඖෂධ අලෙවිසැල් 82ක බලපත්‍ර තාවකාලික අත්හිටුවීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ගැබ්බර මුවදෙනක් වෙඩි තබා ඝාතනය කළ බවට සැක කරන පොලිස් සැරයන්වරුන් දෙදෙනකු සහ තවත් සිවිල් පුද්ගලයෙකු අල්ලාගෙන ගස් බැද අද දින මකුළුගස්වැව පොලීසියට භාරදීමට ගල්කිරියාගම හීනුග්ගල ප්‍රදේශයේ තරුණ පිරිසක් ක්‍රියාකොට තිබෙනවා.
පාස්කු ඉරුදින එල්ලවු ත්‍රස්ත ප්‍රහාරයට අදාළව වරදකරුවන් වන අය අතර වත්මන් රජය යටතේ වගකීම් දරන නිලධාරීන් සිටී නම් ඔවුන්ට එරෙහිව ද නීතිය ක්රියාක්මක කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.