මායාකාරී කුණාටුවෙන් ජාතිය ගලවා ගන්නා බවට ජනපතිගෙන් සහතිකයක්
සමාජ ස්ථාවරත්වය වෙනුවෙන් මත් උවදුර පරාජයට පත්කළ යුතු බවත් ඒ වෙනුවෙන් තමා සහ ආණ්ඩුව විසින් තබන ලද පියවර නිසැක වශයෙන්ම ජයග්‍රහණය කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ජනාධිපතිවරණයට අදාළව මූළික මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණාලය විසින් අවසන් කර මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදී තිබේ.
ඒ අනුව, ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා සහ ඇප මුදල් තැන්පත් කිරීමට අදාළ මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණාලය විසින් අවසන් කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මැතිවරණ නිලධාරීන් පත්කිරීමේ ගැසට් නිවේදනය ද මේ වනවිට මුද්‍රණාලය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව එක් එක් දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරයා තේරීම්භාර නිලධාරීවරයා ලෙස පත්කරමින් ගැසට් පත්‍රයක් මේ වනවිට නිකුත් කර ඇති බව සඳහන්ය.
එමෙන්ම එක් එක් මැතිවරණ කොට්ඨාස සඳහා සහකාර තේරීම්භාර නිලධාරීන් ප්‍රකාශයට පත්කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර තිබේ.
අද දෙරණ සිදුකළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගා කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළේ මැතිවරණයේ ඉදිරි කටයුතු සඳහා අවශ්‍ය ලිපි ලේඛන මුද්‍රණ කිරීමේ කටයුතු මේ වනවිට අඛණ්ඩව සිදුකරමින් පවතින බවය.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සමාජ ස්ථාවරත්වය වෙනුවෙන් මත් උවදුර පරාජයට පත්කළ යුතු බවත් ඒ වෙනුවෙන් තමා සහ ආණ්ඩුව විසින් තබන ලද පියවර නිසැක වශයෙන්ම ජයග්‍රහණය කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට අදාළ විමර්ශනය කඩිනමින් අවසන් කර ඊට සම්බන්ධ සැකකරුවන් සිටි නම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි.