වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ වර්ජනය අවසන්
වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය, අද (08) උදෑසන 8ට අවසන් කර තිබේ.
යෝජිත "ජාතික චිත්‍රපට සංවර්ධන කොමිෂන් සභාව" වෙනුවට "Films Sri Lanka" යන නමින් නියාමන ආයතනයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ජාතික චිත්‍රපට සංස්ථාව වර්තමානයේ සිදු කරනු ලබන ව්‍යාපාරික කටයුතුවලින් ඉවත් වී නියාමනය මූලික කර ගත් කටයුතු සිදු කිරීමටත්, ඩිජිටල් වේදිකාවට අවතීර්ණ වීමට පවතින අවස්ථා සහ පහසුකම් සලසා දීමටත්, එමඟින් දේශීය සිනමාව ජාත්‍යන්තරයට යොමු කිරීමටත් හැකි වන අයුරින් නව ආයතනික රාමුවක් ස්ථාපිත කරලීම පිණිස "ජාතික චිත්‍රපට සංවර්ධන කොමිෂන් සභාව" පිහිටුවීම සඳහා ඉදිරිපත් කළ යෝජනාව, 2024-04-29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගෙන තිබුණි.
එහිදී, එම යෝජනාව පිළිබඳව චිත්‍රපට කර්මාන්තයේ නියුතු සියලු පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කර අදහස් ලබා ගත යුතු බවට තීරණය කරනු ලැබ ඇත. ඒ අනුව, අදාළ පාර්ශ්වයන් සමඟ පැවති සාකච්ඡාවේදී ඉදිරිපත් වී ඇති කරුණු මත පදනම්ව "ජාතික චිත්‍රපට සංවර්ධන කොමිෂන් සභාව" වෙනුවට එහි නාමය "Films Sri Lanka" ලෙස නම් කිරීමටත්, යෝජිත පනත් කෙටුම්පත සකස් කිරීමේදී, එකී රැස්වීමේදී ඉදිරිපත් කරන ලද යෝජනා පිළිබඳව සැලකිල්ලට ගැනීමටත් තීරණය වී ඇත.
ඒ අනුව, එම කරුණු මත පදනම්ව "Films Sri Lanka" ආයතනය ස්ථාපිත කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය, අද (08) උදෑසන 8ට අවසන් කර තිබේ.
ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අනු කමිටුවක් පිහිටුවීමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යංශීය උපදේශක කාරක සභාව විසින් තීරණය කර තිබේ.
වර්ෂ 2024 අගෝස්තු මාසයේ ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 538.79ක් වැය කරමින් ජාතික තරුණ සේවා සභාව මඟින් පැවැත්වූ ප්‍රදර්ශන හා සංගීත ප්‍රසංග මඟින් රජයට සිදුව ඇති පාඩුව අදාළ නිලධාරීන්ගෙන් අය කර ගන්නැයි ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් නිර්දේශ කර තිබේ.