ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් පීඩිත ජනතාවට සුබ ආරංචියක්
ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අනු කමිටුවක් පිහිටුවීමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යංශීය උපදේශක කාරක සභාව විසින් තීරණය කර තිබේ.
ශ්‍රී ලාංකේය රංගන ශිල්පී සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ පදනම විසින් අවශ්‍යතා ඇති සිසුන්ට නොමිලේ ලැප්ටොප් පරිගණක බෙදා දීමේ වැඩසටහනක් සූදානම් කර තිබේ.
ඒ අනුව අඟහරුවාදා (ජූලි 23) පෙරවරු 09.30 සිට පස්වරු 01.00 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි ලෝටස් ශාලාවේදී සිසුන්ට මෙම ලැප්ටොප් පරිගණක බෙදාදීමට නියමිතය.
රන්ජන් රාමනායක පදනම මගින් නොමිලේ ලැප්ටොප් පරිත්‍යාග කිරීම අමෙරිකාවේ පදිංචි ඉන්දු හේරත් ගේ සහයෝගය ඇතිව සිදු කෙරේ.
රන්ජන් රාමනායක පදනම පවසන පරිදි ලැප්ටොප් අවශ්‍ය පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන්ට තම ඉල්ලීම් WhatsApp හරහා 077 362 4927 අංකයට යොමු කරන ලෙස දැනුම් දී ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අනු කමිටුවක් පිහිටුවීමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යංශීය උපදේශක කාරක සභාව විසින් තීරණය කර තිබේ.
වර්ෂ 2024 අගෝස්තු මාසයේ ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 538.79ක් වැය කරමින් ජාතික තරුණ සේවා සභාව මඟින් පැවැත්වූ ප්‍රදර්ශන හා සංගීත ප්‍රසංග මඟින් රජයට සිදුව ඇති පාඩුව අදාළ නිලධාරීන්ගෙන් අය කර ගන්නැයි ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් නිර්දේශ කර තිබේ.
මෙරට ඩෙංගු රෝගීන්ගෙන් 25%ක් පමණ පාසල් යන වයසේ දරුවන් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.