ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් පීඩිත ජනතාවට සුබ ආරංචියක්
ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අනු කමිටුවක් පිහිටුවීමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යංශීය උපදේශක කාරක සභාව විසින් තීරණය කර තිබේ.
එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බදු ආශ්‍රිත ආදායමෙන් 20%කට ආසන්න ප්‍රමාණයක් අය කළ නොහැකි අවදානම් තත්ත්වයකට පත්ව ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
එම කාර්යාලය පෙන්වාදෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව සහ වගකීම් විරහිත ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තු මූලාශ්‍රයන්ට අනුව රජයට අය විය යුතු නමුත් මෙතෙක් අයකරගෙන නොමැති එකතු කළ අගය මත බදු පිළිබඳ විශේෂ විගණන වාර්තාව ප්‍රකාශයට පත් කරමින් විගනකාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන ලේඛනවලට අනුව 2022 දෙසැම්බර් 31 වන දින වන විට වැට් හිඟ බදු මුදල් සහ එම හිඟ බදු මත පනවන දඬ මුදල්වල වටිනාකම රුපියල් බිලියන 369ක් වන අතර ඉන් රුපියල් බිලියන 255ක් වූ හිඟ ආදායම විවිධ හේතු මත අයකර ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇති බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි.
ඉන් අය කරගත හැකි ලෙස හඳුනාගෙන ඇති හිඟ බදු ශේෂය වූ රුපියල් බිලියන 114 වසර 13ක පමණ කාලයක සිට පැවත එන ශේෂයන් පවතින බව ද විගණනය මඟින් අනාවරණය කරගෙන තිබේ.
ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අයකරගත යුතු වැට් බදු නියමිත කාලය තුළ දී අයකර ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් දැනටමත් මහජනතාව විසින් කැප කිරීමක් කර රජයට ආදායමක් ලෙස ගෙවා තිබු ආදායමෙන් විශාල ප්‍රමාණයක් අවභාවිතා වීමේ හෝ රජයට අහිමිවීමේ අවදානමක් උද්ගතව ඇති බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය වගකීම් කාලීනව හා උපරිම කාර්යක්ෂමතාවයෙන් යුක්තව ඉටුනොකිරීම හේතුවෙන් මෙම බදු මුදල් රජයට අහිමිවීමට ප්‍රධාන හේතුව බව ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ වාර්තාවේ දැක්වේ.
හිඟ බදු මුදල් පිළිබඳව කාර්යක්ෂමතාවයකින් යුතුව කටයුතු නොවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂාවක් සිදුකර ඊට හේතු හා සිදුවිය හැකි අක්‍රමිකතා හඳුනාගෙන එම හිඟ බදු අයකිරීම් කඩිනමින් සිදුකරන ලෙස ජාතික විගණන කාර්යාලය සිය වාර්තාව මඟින් නිර්දේශ සිදුකර තිබේ.
තව ද වංචනිකව නොසැලිකිලිමත්ව හෝ චේතනාන්විතව අයකර ගත හැකි හිඟ බදු හා දඬ මුදල් අයකරගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන් පිළිබඳව ආයතනික මට්ටමින් හෝ ඉන් ඉහළ නියාමනයකින් පරීක්ෂණයක් සිදුකර වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව සුදුසු විනයානුකූල පියවර ගන්නා ලෙස අදාළ වාර්තාවෙන් වැඩිදුරටත් නිර්දේශ කර ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අනු කමිටුවක් පිහිටුවීමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යංශීය උපදේශක කාරක සභාව විසින් තීරණය කර තිබේ.
වර්ෂ 2024 අගෝස්තු මාසයේ ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 538.79ක් වැය කරමින් ජාතික තරුණ සේවා සභාව මඟින් පැවැත්වූ ප්‍රදර්ශන හා සංගීත ප්‍රසංග මඟින් රජයට සිදුව ඇති පාඩුව අදාළ නිලධාරීන්ගෙන් අය කර ගන්නැයි ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් නිර්දේශ කර තිබේ.
මෙරට ඩෙංගු රෝගීන්ගෙන් 25%ක් පමණ පාසල් යන වයසේ දරුවන් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.