රුසියාවට එන්නැයි පුටින් ගෙන් කිම්ට ආරාධනා!
බීජිං හි අද (3) පැවති හමුවෙන් පසු රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට රුසියාවේ සංචාරයක් සඳහා ආරාධනා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගාසා තීරයේ පාසලකට ඊශ්‍රායලය විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් අවම වශයෙන් 16 දෙනකු මියගොස් ඇති බව පලස්තීන බලධාරීන් පවසයි.
ප්‍රහාරවලින් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.
ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) පැවසුවේ "අල්-ජාඕනි පාසල පිහිටි ප්‍රදේශය තුළ ක්‍රියාත්මක වන ත්‍රස්තවාදීන්" කිහිප දෙනෙකුට පහර දුන් බවයි.
අවතැන් කඳවුරක් වන එහි රඳවා සිටින පුද්ගලයින් සංඛ්‍යාව 7000 ක් පමණ වේ.
සරණාගත කඳවුරක පිහිටි පාසලකට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කළ හතරවන අවස්ථාව මෙයයි.
ඊට අමතරව නුසෙරාට් සරණාගත කඳවුර ආසන්නයට එල්ල වූ තවත් ඊශ්‍රයාල ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් දස දෙනෙකුට දිවි අහිමි විය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බීජිං හි අද (3) පැවති හමුවෙන් පසු රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට රුසියාවේ සංචාරයක් සඳහා ආරාධනා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අන්ත දක්ෂිණාංශික සබඳතා සහිත මෙන්ම "වෛරය පතුරුවන" බවට ඕස්ට්‍රේලියානු රජය විසින් හෙළා දුටු සංක්‍රමණ විරෝධී රැලි සඳහා රට පුරා ඕස්ට්‍රේලියානු ජාතිකයන් දහස් ගණනක් සහභාගී වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රුසියාව සහ යුක්රේනය අතර සටන්විරාමයක් ඇතිකරගැනීම අරමුණ කරගනිමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර පැවැත් වූ තීරණාත්මක සාකච්ඡාව ස්ථිර එකඟතාවයකින් තොරව අවසන්ව තිබේ.