ට්‍රම්ප්ගෙන් රටවල් 12කට තහනමක්
ජාතික ආරක්ෂාව පිළිබඳ අවදානම සඳහන් කරමින් රටවල් 12 ක පුරවැසියන්ට එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කරන ලියවිලිවලට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ.
ජර්මනියේ කංසා ලෝලීන්ට පුද්ගලික කංසා සමාජ ශාලා විවෘත කිරීමට අවසර හිමිව තිබේ.
ඒ අනුව, සාමාජිකයින් 500ක උපරිමයකට යටත්ව පුද්ගලික සමාජ ශාලා පිහිටුවා ගැනීමටත් කංසා වගා කිරීමට, ඔවුන්ගේ සාමාජිකයින් අතර බෙදා හැරීමට සහ එකට පරිභෝජනය කිරීමටත් ජූලි 1 සිට අවසර හිමිවෙන බව යි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම සාමාජිකයන් වයස අවුරුදු 18ට වැඩිවිය යුතු අතර ජර්මනියේ වාසය කළ යුතුය. සමාජ ශාලාවලට මහා පරිමාන ලාභ නොලබන පදනමක් මත කංසා වගා කර බෙදා හැරීමට ද මෙහිදී අවසර හිමිවේ.
කංසා භාවිත නීති ලිහිල් කිරීමට ඉකුත් අප්‍රේල් 1 වැනිදා ජර්මනිය කටයුතු කළ අතර එහිදී 18 ට වැඩි පුද්ගලයින්ට පොදු ස්ථානවල ගංජා ග්‍රෑම් 25 ක් දක්වා ළඟ තබා ගැනීමට සහ වැඩිහිටියකුට එක් නිවසක කංසා පැල තුනක් දක්වා වගා කිරීමට අවසර හිමිවිය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජාතික ආරක්ෂාව පිළිබඳ අවදානම සඳහන් කරමින් රටවල් 12 ක පුරවැසියන්ට එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කරන ලියවිලිවලට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ.
2025 IPL ශූරයන් බවට පත්වූ රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායමේ ජය සැමරීම වෙනුවෙන් බෙංගලූරු චින්නස්වාමි ක්‍රීඩාංගනය අසල අද (4) පැවති සැමරුම් උත්සවයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.
ඉන්දියාව පකිස්ථානයේ ස්ථාන 09කට අද (07) අලුයම එල්ල කළ මිසයිල ප්‍රහාර නිසා පුද්ගලයින් අට දෙනෙකු මියගොස් තිබේ.