කෝටි 9ක් වංචා කළ රාජ්‍ය බැංකු නිලධාරිනියන් 3ක් අත්අඩංගුවට
රුපියල් නව කෝටි 93 ලක්ෂයක මුදලක් වංචා කළ රාජ්‍ය බැංකුවක නිලධාරිනියන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයකින් අනතුරුවයි.
ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්න අධිකරණ සහ බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරුද්ධ ජයරත්න ගේ මන්ත්‍රී වරප්‍රසාද කඩ කර ඇති බැවින් ඇයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුව නිර්දේශ කර තිබෙනවා.
යම් මන්ත්‍රීවරයකුගේ ක්‍රියා කලාපය ගැන අපහාසාත්මකව ප්‍රකාශයක් පළ කිරීම යන වරද සම්බන්ධයෙන් 1953 අංක 21 දරණ පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත යටතේ 26(1) (ආ) වගන්තිය යටතේ කරන ලද පරීක්ෂණයකින් පසුව වරප්‍රසාද කමිටුව මෙම තීරණය ගෙන තිබෙන බවට වාර්තා වනවා.
ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුවේ පරීක්ෂණයෙන් පසු සිද්ධිය පිළිබඳ වාර්තාවක් සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවට පසුගිය මස 6 වැනිදා ඉදිරිපත් කළා.
මෙම ප්‍රාදේශීය ලේකම්වරියගේ ක්‍රියා කලාපය ගැන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න පසුගිය පෙබරවාරි මස 9 වැනිදා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කර තිබුණා.
උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි රජයේ ඉඩමක් අත්පත් කරගෙන සංස්කෘතික මධ්‍යස්ථානයක් සහ තවත් ඉදිකිරීම් කරමින් ඉන් ලබන ආදායම පෞද්ගලික පරිහරණය කළ අධිකරණ රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න ට එරෙහිව ප්‍රාදේශීය ලේකම්වරිය විසින් පසුගිය ජනවාරි මාසයේදි නිත්‍යානුකූල පියවර ගනු ලැබුවා.
පසුව ප්‍රාදේශීය ලේකම් දිලුක්ෂි ජයරත්න ට පරිපාලන අමාත්‍යංශය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ද ලබා දුන් නමුත් නැවත රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පසුගිය පෙබරවාරි මාසයේ යළි උඩපළාත ප්‍රාදේශීය ලේකම් ලෙස පත් කරනු ලැබුවා.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
රුපියල් නව කෝටි 93 ලක්ෂයක මුදලක් වංචා කළ රාජ්‍ය බැංකුවක නිලධාරිනියන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයකින් අනතුරුවයි.
ගුවන්තොටුපොළට පැමිණෙන ජනතාවගේ පොදු ප්‍රවාහන සේවා අවශ්‍යතා සපුරාලීම සඳහා මූලික පියවරක් ලෙස කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා පෞද්ගලික බස් රථ සේවයක් අද (05) සිට අරඹා තිබේ.
සිය ගැටලුවලට මේ වන තෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විසඳුම් ලබානොදීම හේතුවෙන් දිවයින පුරා සියලු රෝහල්වල අද (05) උදෑසන 8.00 සිට යළි වර්ජනයක් ක්‍රියාත්මක කරන බව පරිපූර්ක වෛද්‍ය වෘත්තීයවේදීන් පවසයි.