මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්ටමකට
ඉදිරියේදී වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති වුවහොත් මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්ටම කරා පැමිණෙන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි.
අද(01) සිට ක්‍රියාත්මක වන පරිදි රජයේ විධායක නිලධාරින්ට ලබා දෙන මාසික විධායක දීමනාව රුපියල් 10,000 කින් ඉහළ නංවා ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව රුපියල් 15,000 ක් වූ ඔවුන්ගේ දීමනාව රුපියල් 25,000 ක් දක්වා ඉහළ යනු ඇති.
ඊට අදාළ චක්‍රලේඛය ද පසුගියදා නිකුත් කෙරිණ.
කෙසේ වෙතත් රජයේ විධායක නිලධාරින්‍ගේ ඒකාබද්ධ කමිටුවේ විධායක කමිටු සාමාජික සම්පත් දේශප්‍රිය පැවසුවේ, අදාළ දීමනාව එලෙස වැඩිකරල ද දැනට ගෙවන දීමනා කිහිපයක් ආණ්ඩුව විසින් කප්පාදු කර ඇති බවයි.
එම දීමනාව ඉහළ දැමීම පිළිගත නොහැකි බවත්, සෑහීමට පත්විය හැකි ප්‍රතිචාරයක් රජය මෙතෙක් දක්වා නොමැති බවත් ඔහු සඳහන් කළේ ය.
සම්පත් දේශප්‍රිය පැවසුවේ, ඒ හේතුවෙන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.
රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව, රාජ්‍ය ඉංජිනේරු, දේශීය ආදායම්, ගණකාධිකාරී, අධ්‍යාපන පරිපාලන, ක්‍රම සම්පාදන, කාර්මික අධ්‍යාපන, ගුරු අධ්‍යාපනඥ, පශූ වෛද්‍ය, කෘෂිකර්ම, ධීවර, කම්කරු කොමසාරිස්වරුන් ඇතුළු වෘත්තීන් 18 ක විධායක රාජ්‍ය නිලධාරීන් ඇතුළත් ය.
newsfirst.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉදිරියේදී වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති වුවහොත් මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්ටම කරා පැමිණෙන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි.
දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 607ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
දිවයිනට බලපා ඇති ඊශාන දිග මෝසම් කාලගුණය හේතුවෙන් දෙසැම්බර් මස 9,10 සහ 11 යන දිනවලදී වර්ෂාපතනය වැඩිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.