මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්ටමකට
ඉදිරියේදී වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති වුවහොත් මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්ටම කරා පැමිණෙන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි.
අඩු ආදායම් ලාභි පවුල් වලට බෙදාහැරිම සදහා රැගෙන විත් තිබු සහල් කිලෝ තිස්දහසකට ආසන්න ප්‍රමාණය මිනිස් පරිභෝජනයට සුදුසු මට්ටමක නොතිබිම නිසා ආපසු හරවා යැවිමට කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ නිළධාරීන් කටයුතු කර තිබේ.
අඩු ආදායම්ලාභි පිරිස්හට ලබා දෙන සහල් කිලෝ 10 සලාකය කරුවලගස්වැව අඩු ආදායම් පවුල් 7881 කට ආසන්න පිරිසකට බෙදා දීමට රැගෙන විත් තිබුණි.
තිස්සමහාරමයෙ සිට සහල් මෝලකින් රැගෙන විත් තිබු කියන මෙම සහල් තොගය රුපියල් ලක්ෂ හැටකට වැඩි වටිනාකමකින් යුක්ත බවත්, සහල් තොගය මිනිස් පරිභෝජනයට සුදුසු මට්ටමක නොතිබිම හේතුවෙන් ආපසු හරවා යැවු බවත් කියයි.
සහල් තොගයෙ කිලෝ 10 බැගින් ඇසුරා තිබු ඇසුරුම් වලට අමතරව තවත් උරයක මෙම සහල් අසුරා තිබු බව කියයි.
අදාල සහල් තොගය සම්බන්ධයෙන් ඇතිවු සැකය මත කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ නිළධාරීන් විසින් මෙම සහල් තොගය භාර ගැනිම ප්‍රතිප්ශේප කර තිබු අතර ඒ පිළිබදව කරුවලගස්වැව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලට දැනුවත් කිරීමේන් පසු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් ද පරික්ෂා කිරීමේන් පසුව අදාල සහල් තොගය පරිභෝජනයට සුදුසු මට්ටමක නොතිබේන මට්ටමක පවතින බවට ලබා දුන් සහතිකයද යොදා ගනිමින් අදාල සහල් තොගය ආපසු හරවා යැවිමට කටයුතු කර තිබුනී.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉදිරියේදී වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති වුවහොත් මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්ටම කරා පැමිණෙන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි.
දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 607ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
දිවයිනට බලපා ඇති ඊශාන දිග මෝසම් කාලගුණය හේතුවෙන් දෙසැම්බර් මස 9,10 සහ 11 යන දිනවලදී වර්ෂාපතනය වැඩිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.