මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්ටමකට
ඉදිරියේදී වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති වුවහොත් මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්ටම කරා පැමිණෙන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි.
කරණීයමෙත්ත සූත්‍රය කෘත්‍රිම බුද්ධිය (AI) යොදාගෙන විකෘති කර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කරවීම සම්බන්ධයෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබේ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
එමෙන්ම මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ද පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පැවැසීය.
එසේම විකෘති කළ කරණීයමෙත්ත සූත්‍රය සමාජ මාධ්‍යයට මුදාහළ පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති මොහොතේ “සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා, මේක නැවත නැවත එක එක්කෙනාට ෂෙයාර් කරන්න එපා කියලා. එහෙම කරන කොටත් අපි කරන්නේ ඒක දාපු කෙනාට උදවු කරන එක…” යැයි ද ඇමැතිවරයා කීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉදිරියේදී වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති වුවහොත් මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්ටම කරා පැමිණෙන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි.
දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 607ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
දිවයිනට බලපා ඇති ඊශාන දිග මෝසම් කාලගුණය හේතුවෙන් දෙසැම්බර් මස 9,10 සහ 11 යන දිනවලදී වර්ෂාපතනය වැඩිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.