මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්ටමකට
ඉදිරියේදී වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති වුවහොත් මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්ටම කරා පැමිණෙන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි.
2014 - 2022 අතර කාලය තුළදී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ රුපියල් මිලියන 3,416 අලාභයක් සිදුව ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව පවසයි.
කෝප් කමිටුව පවසන්නේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අළෙවි අංශය, පිරවුම්හල් හිමියන්ට අදාළ චක්‍රලේකයක් නිකුත් කිරීම වසර 08ක කට වඩා කාලයක් හිතාමතා ප්‍රමාද කිරීමෙන් මෙම අලාභය සිදුව ඇති බවයි.
ඒ අනුව මහා පරිමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් අලෙවි අංශය වගකිව යුතු බව කෝප් කමිටුව පෙන්වා දෙයි.
කෝප් කමිටුව නිර්දේශ කර ඇත්තේ, එම වංචාව සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයින්ගේ නම් ලැයිස්තුව සහ එම නිලධාරීන්ගේ අයථා ක්‍රියා සම්බන්ධයෙන් සංස්ථාව ගෙන ඇති ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාවක් දින 7ක් ඇතුළත ඉදිරිපත් කරන ලෙසයි.
බෙදුම්කරුවන්ට රුපියල් මිලියන 31,021. මුදලක් වැඩිපුර කොමිස් ලෙස ගෙවීම හේතුවෙන් මහජනතාවට ඉන්ධන සඳහා අතිරේක පිරිවැයක් දැරීමට සිදු වී ඇති බව ද අනාවරණය වී තිබේ.
ඒ අනුව
92 පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 5 සත 85ක් ,
95 පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 7යි සත 50 ක්,
LSD සඳහා රුපියල් 6 සත 96 ක් පාරිභෝගියකයින් වැඩිපුර ගෙවන බව එහිදි අනාවරණයවී තිබේ.
එමෙන්ම 2022 වර්ෂය සඳහා වැඩිපුර ගෙවූ කොමිස් මුදල අලෙවි වියදමක් ලෙස ගිණුම්ගත කර තිබීම පිළිබඳවද කාරක සභාව විමසා තිබේ.
කෝප් කමිටුවේදී අනාවරණය වී ඇත්තේ, ඒ සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන් මේ වන විට විදෙස්ගතව ඇති බවයි.
මෙවැනි මූල්‍ය වංචාවක් සිදුකිරීමට සම්බන්ධ පුද්ගලයින්ගේ නම් ලැයිස්තුව ඇතුළත් සවිස්තර වාර්තාවක් සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
කාරක සභාව වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ අභ්‍යන්තර පරීක්ෂණවලට සමගාමීව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් පැමිණිලි කරන ලෙසයි.
NewsFirst
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉදිරියේදී වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති වුවහොත් මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්ටම කරා පැමිණෙන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි.
දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 607ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
දිවයිනට බලපා ඇති ඊශාන දිග මෝසම් කාලගුණය හේතුවෙන් දෙසැම්බර් මස 9,10 සහ 11 යන දිනවලදී වර්ෂාපතනය වැඩිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.