කාන්තා එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය : අවසන් මහා තරගය අද
කාන්තා එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ දකුණු අප්රිකාව අතර අද පැවැත්වීමට නියමිත යි.
ශ්‍රී ලංකා - නවසීලන්තය අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 154කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව, නවසීලන්තයට එරෙහිව තරග 2-0ක් ලෙස ටෙස්ට් තරගාවලි ජයක් ශ්‍රී ලංකාව හිමිකරගන්නේ වසර 15කට පසුය.
සිව්වැනි දිනය සඳහා අද (29) තරගය ආරම්භ කරනවිට ලකුණු 514ක ඉලක්කයක් හඹායන නවසීලන්ත කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 199ක් ලබාගෙන සිටියේය.
නවසීලන්ත ලකුණු පුවරුවට තවත් ලකුණු 17ක් එක් වෙනවිට ලකුණු 60ක් ලබාගෙන සිටි ටොම් බ්ලන්ඩෙල්ව දවා ගන්නට නිෂාන් පිරීස් සමත්වුණි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පන්දු යවන්නට හිසරදයක් වු ග්ලෙන් පිලිප්ස් ලකුණු 78ක් ලබා ගත්තේය.
නමුත් සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන නිෂාන් පිරීස් විසින් පිලිප්ස්ගේ කඩුල්ල දවා ගනිමින් කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.
ඔහු වාර්තා අතරට එක් වුණේ මංගල ටෙස්ට් තරගයේ කඩුලු 5ක් දවා ගත් 7වැනි ක්‍රිඩකයා ලෙසටය.
ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට කඩුලු 5ක් දැවි ලකුණු 602ක් රැස්කර ගත් අතර නවසීලන්ත කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 88ක් පමණි.
ඒ අනුව ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 514ක ඉලක්කයක් හඹායෑඹට පිටියට පිවිසි නවසීලන්ත දෙවන ඉනිමේ පළමු කඩුල්ල ලෙස ටොම් ලේතම් ලකුණු නොලබා ක්‍රීඩාගාරයට හරවා යවන්නට නිෂාන් පීරිස් සමත්වුණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කාන්තා එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ දකුණු අප්රිකාව අතර අද පැවැත්වීමට නියමිත යි.
කාන්තා එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය යටතේ මෙරට දී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට ප්රවේශ පත්ර හිමිවන බවත්, ගේට්ටුව සවස 1 සිට විවෘතව පවතින බව ශ්‍රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
කාන්තා ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලිය අදින් (30) ආරම්භ වේ.