මෙරට ආපදා මරණ තවත් ඉහළට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් නාමයෝජනා භාරගන්නා එලඹෙන 15 වනදා රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට සහ ඒ අවට කලාපයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට තීරණය කර තිබේ.
ඒ අනුව එම කලාපයට පොලිසියේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ 1500ක පමණ පිරිසක් යෙදවීමට නියමිත බවත් විශේෂ රථවාහන සැළැස්මක්ද ක්‍රියාත්මක කරන බවත් එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසා ඇත.
මැතිවරණ කොමිෂන් සභාවේ දී ඉකුත් 09 වැනිදා පැවති නාමයෝජනා දින ආරක්ෂක සැලසුම පිළිබඳ සාකච්ඡාවේදී මෙම යෝජනා ඉදිරිපත් වී තිබෙන බව වාර්තා වේ.
කොමිෂන් සභා පරිශ්‍රයට පැමිණෙන රථවාහන වෙනුවෙන් ඒ, බී, සී, වශයෙන් බලපත්‍ර 3 ක් නිකුත් කෙරෙන අතර, අපේක්ෂකයාට හිමිවන්නේ ඒ බලපත්‍රයයි. එම බලපත්‍රයෙන් අපේක්ෂකයාට පමණක් සිය වාහනයෙන් මැතිවරණ කාර්යාලයට පැමිණීමට අවස්ථාව හිමිවේ. අපේක්ෂකයා සමඟ ඊට ඇතුලුවිය හැක්කේ නාමයෝජනා පත්‍රයට අත්සන් තබන තවත් දෙදෙනෙකුට පමණයි.
නාමයෝජනා භාරගැනීම 15 වැනිදා පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා කාලය තුළ සිදුකරන අතර විරෝධතා සඳහා විනාඩි 30ක කාලයක් වෙන්කර තිබේ.
ඇප මුදල් තැන්පත් කිරීම 14 වැනිදා දහවල් 12.30 දක්වා සිදු කළ හැකියි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.