ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
ශ්‍රී ලාංකිකයින් සඳහා මාලදිවයිනේ රැකියා අවස්ථා ලක්ෂයක් ඇති බව මාලදිවයින මහ කොමසාරිස් මසූද් ඉමාද් පවසා තිබේ.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය කාර්යාලය සඳහන් කරන්නේ වර්තමානයේ ද ශ්‍රී ලාංකිකයන් තිස් දහසක් පමණ මාලදිවයිනේ විවිධ රැකියාවල නිරත වන බව මහ කොමසාරිස්වරයා කියා සිටි බවයි.
විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය කාර්යාලයේ මාධ්‍ය ලේකම් සකීෆ් සාම්ගේ අත්සනින් යුත් එම නිවේදනයේ සඳහන් වන අන්දමට ශ්‍රී ලංකාවට පුහුණු ශ්‍රමික සහ වෘත්තීමය යන රැකියා ඛාණ්ඩවල රැකියා අවස්ථා වැඩි කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන බව මාලදිවයින මහ කොමසාරිස් මසූද් ඉමාද් අමාත්‍ය විජිත හේරත් වෙත දන්වා ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.