චාමික පීතෘභාවය පිළිගන්න බැහැ කියයි, ඇප හිමිවෙයි
ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න රුපියල් මිලියනයක පුද්ගලික ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (8) නියම කර තිබේ.
අද (10) පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයෙන් පසුව සිසු දරුවන් විසින් විභාග ප්‍රශ්න පත්‍රයට පිළිතුරු දුන් ආකාරය සම්බන්ධව ප්‍රශ්න කිරීමෙන් වළකින ලෙස විභාග කොමසාරිස්වරිය දෙමාපියන්ගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.
ඒ අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
"විශේෂයෙන්ම මේ පුංචි දරුවන්. මේ පුංචි දරුවන්ගේ ළමා කාලය සතුටින් ගත කරන්න අවස්ථාව සලසා දෙන්න ඕනේ. 05 ශිෂ්‍යත්ව විභාගය කියන හේතුව මතම දරුවන් අධික ලෙස පීඩනයට පත්වීම වළක්වාගන්න එක අපි හැම දෙනාගේම වගකීමක්. දරුවන් තමන්ගේ හැකියාව අනුව විභාගයට පෙනී සිටිනවා. දරුවන්ගේ හැකියාව වෙනස් ඒ නිසා දරුවන් සංසන්දනය කරමින් දරුවන් අද විභාගයට ලිව්වේ මොනවාද?, ඒ උත්තර නැවත හොයලා වැරදි උත්තර ලියලා නම් දරුවන්ට බනින්නට ඒ වගේම දඬුවම් කරන්න යන්න එපා.
හරි උත්තරය ලිව්වාත් වැරදි උත්තරය ලිව්වාත් ඒ දරුවන් ඒ අවස්ථාවේදී ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන ආකාරය තමයි ඒ පෙන්වන්නේ. ඉතිං අපේ දරුවන් මොන ආකාරයෙන් පිළිතුරු සැපයෙව්වාත් දරුවාගේ ළමා කාලය කියන එක අපි හැමෝටම ආපහු ගන්නට බැහැ. ඉතිං මේ ළමා කාලය සතුටින් ගත් කරන්නට පිළිතුරු ලිවීම කියන එක පදනම් කරගන්න එපා. ශිෂ්‍යත්ව විභාගය කියන එක දරුවාට එක විභාගයක් විතරයි. අනාගතයේදී දරුවන්ට මීට වඩා හොඳ විභාගවලට මුහුණ දෙන්න හැකියාව මේ දරුවන්ට තිබෙනවා. ඒ නිසා මේ ශිෂ්‍යත්ව විභාගය කියන එක මතම දරුවන්ය පීඩනයට පත්වෙන විදිහට කටයුතු කරන්න එපා කියලා තමයි මම දෙමාපියන්ගෙන් ආදරයෙන් ඉල්ලන්නේ."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න රුපියල් මිලියනයක පුද්ගලික ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (8) නියම කර තිබේ.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 627ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.