ටින් ගත්තා නම් ටැක්ස් ගෙවන්න
බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකයක් (TIN) ගත් පුද්ගලයන්ට බදු ගෙවන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් පණිවිඩ ලැබුණද මාසික ආදායම රුපියල් ලක්ෂයේ සීමාව ඉක්මවා නොමැතිනම් ඒ බව ලිඛිතව දැනුම් දී බදු ගෙවීමෙන් වැළකී සිටිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පැවසීය.