සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
මදුරුවන්ගෙන් බෝවන චිකුන්ගුන්යා රෝගයේ වසංගත තත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා පියවර ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය අඟහරුවාදා හදිසි ඉල්ලීමක් නිකුත් කර තිබේ.
ඉන්දීය සාගර කලාපය කේන්ද්‍ර කොටගෙන ආරම්භව යුරෝපයට සහ අනෙකුත් මහාද්වීපවලට රෝගය පැතිර යමින් පවතින බව යි මෙම සංවිධානය නිවේදනය කරන්නේ.
අධික උණ, සන්ධි වේදනාව සහ දිගු කාලීන ආබාධ ඇති කළ හැකි මෙම වෛරසයෙන් රටවල් 119ක් පුරා ජිවත් වන බිලියන 5.6ක ජනතාවක් අවදානමට ලක්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය නිලධාරිනි ඩයනා රොජාස් අල්වාරෙස් ජිනීවාහි වාර්තාකරුවන්ට පවසා ඇත.
"ඉතිහාසය නැවත නැවත සිදුවන බව අපිට දකින්න ලැබෙනවා," ඇය එලෙස පවසා ඇත්තේ ලොව පුරා ව්‍යාප්ත වීමට පෙර ප්‍රධාන වශයෙන් කුඩා දූපත් ප්‍රදේශවලින් ආරම්භව මිලියන භාගයකට ආසන්න ජනතාවකට බලපෑ 2004-2005 වසංගත තත්වය වර්තමානය සමඟ යා කරමිනි.
මෙවර තත්වය 2025 මුල් භාගයේදී, ලා රියුනියන්, මයෝට් සහ මොරිෂස් ඇතුළු, පෙර වසංගත තත්වය ආරම්භ වූ ඉන්දියානු සාගර දූපත්වලින්ම ඇරඹි අතර ලා රියුනියන් හි ජනගහනයෙන් තුනෙන් එකක් පමණ දැනටමත් ආසාදනය වී ඇති බව රොජාස් අල්වාරෙස් පවසා තිබේ.
වෛරසය මේ වනවිට මැඩගස්කරය, සෝමාලියාව සහ කෙන්යාව වැනි රටවලට ව්‍යාප්ත වෙමින් පවතින අතර ඉන්දියාව ඇතුළු අග්නිදිග ආසියාවේ වසංගත තත්වයක් බවටපත්වෙමින් ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
'අස්වැසුම' සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් සඳහා ජුනි මාසයට අදාළ දීමනා ගෙවීම හෙට (18) දින සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.