ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මදුරුවන්ගෙන් බෝවන චිකුන්ගුන්යා රෝගයේ වසංගත තත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා පියවර ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය අඟහරුවාදා හදිසි ඉල්ලීමක් නිකුත් කර තිබේ.
ඉන්දීය සාගර කලාපය කේන්ද්‍ර කොටගෙන ආරම්භව යුරෝපයට සහ අනෙකුත් මහාද්වීපවලට රෝගය පැතිර යමින් පවතින බව යි මෙම සංවිධානය නිවේදනය කරන්නේ.
අධික උණ, සන්ධි වේදනාව සහ දිගු කාලීන ආබාධ ඇති කළ හැකි මෙම වෛරසයෙන් රටවල් 119ක් පුරා ජිවත් වන බිලියන 5.6ක ජනතාවක් අවදානමට ලක්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය නිලධාරිනි ඩයනා රොජාස් අල්වාරෙස් ජිනීවාහි වාර්තාකරුවන්ට පවසා ඇත.
"ඉතිහාසය නැවත නැවත සිදුවන බව අපිට දකින්න ලැබෙනවා," ඇය එලෙස පවසා ඇත්තේ ලොව පුරා ව්‍යාප්ත වීමට පෙර ප්‍රධාන වශයෙන් කුඩා දූපත් ප්‍රදේශවලින් ආරම්භව මිලියන භාගයකට ආසන්න ජනතාවකට බලපෑ 2004-2005 වසංගත තත්වය වර්තමානය සමඟ යා කරමිනි.
මෙවර තත්වය 2025 මුල් භාගයේදී, ලා රියුනියන්, මයෝට් සහ මොරිෂස් ඇතුළු, පෙර වසංගත තත්වය ආරම්භ වූ ඉන්දියානු සාගර දූපත්වලින්ම ඇරඹි අතර ලා රියුනියන් හි ජනගහනයෙන් තුනෙන් එකක් පමණ දැනටමත් ආසාදනය වී ඇති බව රොජාස් අල්වාරෙස් පවසා තිබේ.
වෛරසය මේ වනවිට මැඩගස්කරය, සෝමාලියාව සහ කෙන්යාව වැනි රටවලට ව්‍යාප්ත වෙමින් පවතින අතර ඉන්දියාව ඇතුළු අග්නිදිග ආසියාවේ වසංගත තත්වයක් බවටපත්වෙමින් ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උත්සව සමය තුළ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි වාර්තා වී ඇති බවත් එබැවින් මුදල් පරිහරණය කිරීමේ දී ව්‍යාජ නෝට්ටු පිළිබඳ ජනතාව විමසිලිමත් විය යුතු බවත් පොලීසිය පවසයි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.