හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අද (17) උදෑසන අල්ලස් කොමිසම කළ දැනුම්දීමකට අනුව අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුවයි.

ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ බ්‍රිතාන්‍ය නාවික හමුදා ඇකඩමියට සම්බන්ධ වීමට අදාළව කෙරෙන විමර්ශනයකට අළාව ඔහු කැඳවා තිබුණි .

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.