යෝෂිත ඇප මත නිදහස් : විදෙස් ගමන් තහනම්
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
"අපි හිතනවා අපේ නිර්දෝශීභාවය ඔප්පු කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි පරීක්ෂණ කටයුතුවලට සහයෝගය දෙන එක ඒ නිසා එන්න කියන ඕනෑම වෙලාවක එනවා", යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කලේ අද දින (2026.05.11) නෙළුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මුලස්ථානයේදී මාධ්‍යවේදීන් විසින් හෙට දින මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණෙනවා දැයි ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ ,
"එන්න කියන ඕන වෙලාවක අපි යනවා. ආණ්ඩුවේ අයත් දැනගන්න ඕන බලපෑම් කරලා බය කරලා මේ ගමන යන්න බැහැ.ඉතින් පැහැදිලිවම මේකට පරීක්ෂණයක් වෙන්න ඕන.එනිසා අපි හිතනවා අපේ නිර්දෝශීභාවය ඔප්පු කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි පරීක්ෂණ කටයුතුවලට සහයෝගය දෙන එක.හැබැයි අනිත් පැත්තෙන් ඒ පරීක්ෂණ කටයුතු බලපෑම් කරලා බලහත්කාරයෙන් කට උත්තර ලියාගන්න න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වෙනවා නම් සාධාරණයක් වෙන්නෙ නෑ.අවසානයේ ඒකෙ පාඩුවත් ගෙවන්න වෙන්නේ මේ රටේ ජනතාවට.මොකද ජනතාව රවට්ටන්න තමයි එහෙම කරන්නේ.
විපක්ෂය කෙසේ වෙතත් පරීක්ෂණයක් වෙන්න ඕන මොකද ආණ්ඩුව උත්සාහ කරනවා හුඟක් දේවල් යට ගහන්න. මොකද අපි දැක්කා මුදල් අමාත්‍යාංශයේ සිදුවීමේදී වෙච්ච මරණයක් සම්බන්ධයෙන් අර කෝටි අසූවක් පන්නපු එක සම්බන්ධයෙන් ඒක ඒ වෙලාවෙම වෙලාවේම සියදිවි හානි කර ගැනීමක් කියල යටගැහුවා.හැබැයි මේකෙදි ලොකු සමාජ කතිකාවතක් හදන්න උත්සාහ කරනවා හැබැයි මේ හැම එකක් ගැනම සාධාරණ පරීක්ෂණයක් වෙන්න ඕන.
අපි එන්න ඕන කියන ඕනම වෙලාවක යනවනේ.ඒ හින්දා එක ගැන ප්‍රශ්නයක් නෑ.මග හරින්න හේතුවක් නෑනේ. හැබැයි දැනට ඉන්න ආණ්ඩුව බොහෝ ප්‍රශ්න මග ඇරලා මාරු වෙන්න උත්සාහ කරනවා.හැබැයි ඉතින් එහෙම ලිස්සල ගිහිල්ලා හරියන්නෙ නැහැ."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවේ විභාගය අද (17) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ වුණි.