අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් චීනය ඇතුළු රටවල් කිහිපයකට නව තීරු බදු පැනවූ අතර චීන භාණ්ඩ සඳහා අමෙරිකාව විසින් 34%ක නව තීරු බදුවලට එරෙහි පියවරක් ලෙස චීනය විසින් අමෙරිකානු භාණ්ඩ සඳහා ද චීනය 34%ක බද්දක් පැනවීමට පියවර ගත්තේය.
මෙම තීරණයට විරෝධය පළ කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා පසුගිය 07 වනදා පවසා සිටියේ, අමෙරිකානු භාණ්ඩ සඳහා පනවා ඇති තීරුබදු ඉවත් කිරීමට චීනය කටයුතු නොකළහොත් අමෙරිකාවට ආනයනය කරන චීන භාණ්ඩ සඳහා තවත් 50%ක බද්දක් පැනවීමට තමන් පියවර ගන්නා බවය.
මීට ප්රතිඋත්තර ලබා දෙමින් චීන වාණිජ අමාත්යංශය පවසා ඇත්තේ, ට්රම්ප්ගේ මෙම අත්තනෝමතික තීරුබදු පැනවීමට එරෙහිව අවසානය දක්වා සටන් කිරීමට චීනය සූදානම් බවය.
එවන් පසුබිමක අමෙරිකාව විසින් චීන ආනයන සඳහා මෙලෙස 104%ක බදු පැනවීමට පෙළඹී තිබේ.