සූරියවැවදී STF සමග වෙඩි හුවමාරුවකින් සැකකරුවෙක් මරුට
හම්බන්තොට සූරියවැව වැවේගම කැළෑබද ප්‍රදේශයකදී STF නිලධාරීන් සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු මියගොස් තිබේ.
කොස්ගම, සුදුවැල්ල ප්‍රදේශයේ අද (06) අලුයම සිදුකළ වෙඩිතැබීමකින් කුඩා දැරියක් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා තිබේ.
ඔවුන් තිදෙනා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටිය දී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව පොලීසිය පැවසීය.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන්ය.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි මව, 12 හැවිරිදි දියණිය සහ තවත් 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කළේය.
තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර තිබේ.
වෙඩි තැබීමට හේතුව හා සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොස්ගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හම්බන්තොට සූරියවැව වැවේගම කැළෑබද ප්‍රදේශයකදී STF නිලධාරීන් සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු මියගොස් තිබේ.
බොරැල්ල පොලිස් වසමේ මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී.එස් සේනානායක හන්දිය දක්වා වූ කොළඹ දෙසට ඇතුළුවන මාර්ගයේ ස්ථානයක ගිලා බැසීමක් හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා ඇතිව තිබේ.
ගොවීන් සඳහා පොහොර සහනාධාරය ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.