එසේම, ලැව්ගිනි හේතුවෙන් ශ්‍රී ලාංකිකයින්ට කිසිදු හානියක් සිදුව නොමැති බව තානාපති කාර්යාලය නිවේදනය කර ඇත.
එමෙන්ම ඕනෑම හදිසි අවස්ථාවක දී දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාල අමතන ලෙසත් දැනුම් දී තිබේ.
දුරකථන අංක - 2 735 2966, 2 735 2967 හෝ 2 794 2968
දකුණු කොරියාවේ ලැව්ගිනි හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 26ක් දක්වා ඉහළගොස් තිබේ.
දකුණු කොරියාවේ ගිනිකොනදිග කලාප 6ක ඇති වූ ලැව්ගිනි හේතුවෙන් අක්කර 81,500ක් විනාශයට පත්ව ඇති බව වාර්තා වේ.
දකුණු කොරියාවේ සෝල් ප්‍රදේශයේ පවතින වියළි කාලගුණය සහ තද සුළං හේතුවෙන් ලැව්ගිනි පැතිර යෑම ඉහළ ගොස් ඇති බව එරට බලධාරීන් පවසයි.