සූරියවැවදී STF සමග වෙඩි හුවමාරුවකින් සැකකරුවෙක් මරුට
හම්බන්තොට සූරියවැව වැවේගම කැළෑබද ප්‍රදේශයකදී STF නිලධාරීන් සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු මියගොස් තිබේ.
දේශපාලන හා සමාජ ක්‍රියාකාරිකයකු වන අරුන් සිද්ධාර්ත් මව්බිම ජනතා පක්ෂයේ උත්තරීතර මණ්ඩල සාමාජිකයෙකු සහ යාපනය දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක ලෙස පත්කර තිබේ.
අද (22) පැවති මාධ්‍ය හමුවක දී එම පක්ෂයේ නායක, දිලිත් ජයවීර විසින් අදාළ පත්වීම සිදුකළේය.
මාධ්‍ය හමුවට එක්වෙමින් අරුන් සිද්ධාර්ත්,
"මම හැමදාම කරපු ජාතිකවාද මතවාද, ශ්‍රී ලාංකිකයෙක් විදියට හැමදාම මේ රටට මට තියෙනවා ණයක්. මම දෙමළ වෙන්න පුළුවන් තව කෙනෙක් මුස්ලිම් වෙන්න පුළුවන් සිංහල වෙන්න පුළුවන් මේක මගේ රට. මේ රට තමා මට අධ්‍යාපනය දුන්නේ. මේ රට තමා මට හැමදේම දුන්නේ. ඉතිං මේ රටට මට ණයක් තියෙනවා. ඉතිං මගේ මතවාදයට ගැලපෙන කඳවුරක් තමා මම බලාගෙන හිටියේ. ඉතිං මේ කඳවුර මම තෝරාගත්තා."
අරුන් සිද්ධාර්ථන් පසුගිය මාර්තු මස 21 වැනිදා යාපනයේ චෙල්වම් උත්සව ශාලාවේ පැවති උත්සවයකදී එක්සත් ජාතික පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක අතින් පත්වීමේ ලිපිය ලබාගත්තා.
රට වැටී ඇති අගාධයෙන් ගොඩ දැමීම සඳහා අවශ්‍ය සහයෝග ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත තමන් ලබා දෙන බව එහි දී අරුන් සිද්ධාර්ථන් පවසා සිටියේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හම්බන්තොට සූරියවැව වැවේගම කැළෑබද ප්‍රදේශයකදී STF නිලධාරීන් සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු මියගොස් තිබේ.
බොරැල්ල පොලිස් වසමේ මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී.එස් සේනානායක හන්දිය දක්වා වූ කොළඹ දෙසට ඇතුළුවන මාර්ගයේ ස්ථානයක ගිලා බැසීමක් හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා ඇතිව තිබේ.
ගොවීන් සඳහා පොහොර සහනාධාරය ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.