රාජ්‍ය ආයතන කිහිපයක ඔන්ලයින් සේවා බිඳවැටෙයි - යථා තත්වයට ගන්න විශේෂ රැස්වීමක්
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට බාධා වී තිබේ.
නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අද (4) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ ඔහු ස්වාධීනව කටයුතු කරන බවයි.
එසේම, ජනාධිපතිවරයාට සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට හැකිනම් එක්ව කටයුතු කරන ලෙස ඔහු එහිදී ඉල්ලා සිටියේ ය.
"අද රාජ්‍ය නිලධාරීන් තැපැල් ඡන්දයට යනවා. ලක්ෂ 14ක් රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. රාජ්‍ය නිලධාරීන්ගේ ඔළුව සම්පූර්ණයෙන්ම හෝදලා. රාජ්‍ය සේවකයින් ළඟ බොරුව වපුරලා. මේ රටේ කැරලි දෙකක් නිසා 1971 සහ 1989 දී. විශේෂයෙන් 89 දී 60,000ක් තරුණයින් විනාශ වුණා. උතුරෙත් එහෙමයි. ආදරණීය උතුරේ තරුණ පිරිසක් එල්.ටීටී.ඊ එක එක්ක රට විනාශකාරී තැනකට අරන් යන්න යද්දි විශාල තරුණ සංහාරයක් වුණා. දැන් ඉලක්කය තරුණයින්. සමාජ මාධ්‍ය ජාලා හරහා මේ විදියට තරුණයින්ගේ මනස විනාශ කරන තැනකට මේක අරගෙන යනවා.
අපි අද ඉඳලා අපි බලනවා මේකේ දිනන්න බැරිනම් කථානායකතුමනි, දිනනවා ද ? පරදිනවා ද ? කියන ප්රජාතන්ත්රවාදය. හැබැයි පැරදුනාට කියනවා නම් නැවත වතාවක් විනාශකාරී තැනකට ගේන්න අරගල කරන්න, පාර්ලිමේන්තු ගිනිතියන්න කතා කරනවා නම්, මම අද ඉඳලා ස්වාධීන මන්ත්‍රීවරයෙක් විදියට මේ රට විනාශකාරී කණ්ඩායම පරාජයට පත්කරන්න පුළුවන්, අයත් එක්ක කතා කරන්න පටන් ගන්නවා. මම කවදාවත් මම සජිත් ප්‍රේමදාස මහත්තයාව හම්බවෙලාවත් නෑ. අග්‍රාමාත්‍යතුමා දන්නවා අපි මේ වැඩ කරන්නේ සත්භාවයෙන්. මේ විනාශයෙන් වෙන වෙලාවේ මම අත්දෙක එකතු කරලා ඉල්ලනවා පුළුවන් නම් විපක්ෂ නායකතුමයි ජනාධිපතිතුමයි එකතු වෙන්න. පුළුවන් නම් මේ කණ්ඩායම් දෙක එකතු කරන්න. මම අවසාන වශයෙන් එකක් කියනවා මම අද ඉඳලා ස්වාධීන මන්ත්‍රීවරයෙක් වශයෙන් මේ අශුද්ධ සංවිධානයට විරුද්ධව පරාජයට පත්කරන්න පුළුවන් ඕනෑම කෙනෙක් එක්ක සාකච්ඡා කරනවා කියලා කියනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට බාධා වී තිබේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස අධිකරණ භූමිය තුළ පසුගිය 10 වන දින නීතිඥවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකාර පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත්, දෙපාර්ශවයම සමථ මණ්ඩලයට යොමු කර සමථ මණ්ඩල වාර්තාවක් කැඳවීමටත් ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (ඔක්තෝම්බර් 13 වැනිදා) නියෝග කළේ ය.