39ක් තෙරපී මියගිය සිද්ධියට විජයගේ පක්ෂයට එරෙහිව නඩු
දකුණු ඉන්දීය නළු විජේගේ දේශපාලන රැලියක දී ඇති වූ තෙරපීමකින් පුද්ගලයන් 39 දෙනෙකු මියගිය සිදුවීමෙන් පසු ඉන්දීය පොලිසිය ඔහුගේ දේශපාලන පක්ෂයේ නායකයන්ට එරෙහිව අපරාධ නඩුවක් ගොනු කර තිබේ.
ස්ත්‍රියගේ භූමිකාව සමාජය තුළ ක්‍රමයෙන් ප්‍රමුඛස්ථානයට පත්වීම පුරුෂයින්ගේ සියදිවි නසා ගැනීම්වලට හේතුවන බවට දකුණු කොරියානු දේශපාලකයෙක් සිදු කළ භයානක සහ සනාථ කළ නොහැකි අදහස් දැක්වීම එරට තුළ දැඩි විවේචනයට ලක්ව තිබේ.
සෝල් නගර සභා සභික කිම් කි-ඩක් ප්‍රකාශ කර තිබුණේ ඉකුත් වසර කිහිපය පුරා ශ්‍රම බලකායේ කාන්තා සහභාගීත්වය ඉහල යාම නිසා පුරුෂයින්ට රැකියා ලබා ගැනීම සහ ඔවුන් විවාහ කර ගැනීමට කැමති කාන්තාවන් සොයා ගැනීම දුෂ්කර වී ඇති බවයි.
රට මෑතකදී “කාන්තා ආධිපත්‍යයෙන් යුත් සමාජයක් බවට පරිවර්තනය වීමට පටන් ගෙන ඇති” බවත් එය “පිරිමි සියදිවි නසාගැනීමේ උත්සාහයන් වැඩිවීමට අර්ධ වශයෙන් වගකිව යුතු” බවත් ඔහු පැවසීය.
දකුණු කොරියාව ලෝකයේ ධනවත් රටවල් අතර ඉහළම සියදිවි නසාගැනීම් අනුපාතයක් ඇති රටක් වන අතර ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ අඩු සැලකිල්ලක් දක්වන රටක් ලෙස සැලකේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දකුණු ඉන්දීය නළු විජේගේ දේශපාලන රැලියක දී ඇති වූ තෙරපීමකින් පුද්ගලයන් 39 දෙනෙකු මියගිය සිදුවීමෙන් පසු ඉන්දීය පොලිසිය ඔහුගේ දේශපාලන පක්ෂයේ නායකයන්ට එරෙහිව අපරාධ නඩුවක් ගොනු කර තිබේ.
සැත්කමක් සඳහා රෝගියෙකු නිර්වින්දනය කිරීමෙන් පසු එම රෝගියා සැත්කම් මේසය මත සිටියදීම, හෙදියක් සමඟ ලිංගිකව හැසිරීමට වෙනත් කාමරයකට ගිය වෛද්‍යවරයෙක් ගේ ක්‍රියාව එක්සත් රාජධානියේ වෛද්‍ය විනිශ්චය සභාවක් විසින් විභාග කර තිබේ.
හමුදා කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමේ චෝදනාවට වරදකරු වීමෙන් බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට වසර 27 ක සිර දඩුවම් නියමකර තිබේ.