සෑම දිනකම කාන්තාවන් 15 දෙනෙක් පියයුරු පිළිකාවට ගොදුරු වෙලා
මෙරට සෑම දිනකම කාන්තාවන් 15ක් පියයුරු පිළිකාවට ගොදුරුවන බවත් දිනකට තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වන බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.
ගාල්ල හිනිදුම මහාබෝධිවත්ත ප්‍රදේශයේ භාවිත නොකරන හෝටලයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තුන්දෙනෙකු මියගොස් තිබේ.
පොලිසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ(30) රාත්‍රියේ වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
වෙඩි තැබිමෙන් තුවාල ලැබු පුද්ගලයින් තුන්දෙනා එම ස්ථානයේම මියගොස් තිබේ.
පොලිසිය සඳහන් කළේ පුද්ගලයින් 05 දෙනෙකු එම ස්ථානයේ ඊයේ(30) රාත්‍රීයේ 11 ට පමන මත්පැන් පානය කරමින් සිට ඇති බවයි. පසුව එම ස්ථානයට පැමිණි තුවක්කු කරු T56 ගිනි අවියකින් වෙඩි ප්‍රහාර 15 කට ආසන්න සංඛ්‍යාවක් එල්ල කර තිබේ.
වෙඩි තැබූ ස්ථානයේ සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු පලාගොස් දිවි බේරාගෙන ඇතැයි පොලිසිය සදහන් කළේ ය.
මෙලෙස වෙඩි වැදිමෙන් මියගොස් ඇත්තේ නවාතැන්පලේ හිමිකරු වන 55 හැවිරිදි මහාබෝධිවත්ත පනංගල පදිංචි පුද්ගලයෙක් වන අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා හිනිදුම හා අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.
පොලිසිය සදහන් කළේ වෙඩි තැබීම සිදුවු ස්ථානය කලක් හෝටලයක් ලෙසට භාවිතා කර අත්හැර තිබු ස්ථානයක් බවයි.
newsfirst.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මෙරට සෑම දිනකම කාන්තාවන් 15ක් පියයුරු පිළිකාවට ගොදුරුවන බවත් දිනකට තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වන බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.
නව අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද (10) උදෑසන ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දී තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ.