සූරියවැවදී STF සමග වෙඩි හුවමාරුවකින් සැකකරුවෙක් මරුට
හම්බන්තොට සූරියවැව වැවේගම කැළෑබද ප්‍රදේශයකදී STF නිලධාරීන් සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු මියගොස් තිබේ.
සංචාරක වීසා ලබා ගෙන ඔස්ට්‍රේලියාවට පැමිණ ශිෂ්‍ය වීසාවට මාරු වීමේ ක්‍රමවේදය ජූලි 1වන දා සිට අත්හිටුවීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර ඇත.
මේ අනුව, ‘වීසා පැනීම’ ලෙස හඳුන්වන එම ක්‍රමය වළක්වා දැමීම ඔස්ට්‍රේලියානු රජය ලබා ගත් එම තීරණයේ අරමුණ වී තිබේ.
පසුගිය වසරේ ජූලි මාසයේ සිට මේ වසරේ මැයි දක්වා සංචාරක වීසා ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණීමට අයැදුම්පත් 360,000ක් ලැබී ඇති අතර ඔවුන් සංචාරක වීසාවෙන් ඔස්ට්‍රේලියාවට පැමිණ ශිෂ්‍ය වීසාවට මාරු වීමේ ලැයිස්තුව බව ඔස්ට්‍රේලියානු අගමැති කාර්යාලය නිවේදනයක් ද නිකුත් කර ඇත.
අධ්‍යයනය කිරීමට පැමිණෙන්නන් සහ සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීමට ඔස්ට්‍රේලියාව මෙම වසර මුල සිට ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ අතර ඒ පිළිබඳ රෙගුලාසි දැඩි කිරීමේ තවත් පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
මේ අනුව, ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ උපාය මාර්ගයන් ජාත්‍යන්තර අධ්‍යාපනයේ ඇති හිස්තැන් වැසීම සඳහා පැහැදිලි සැලැස්මක් සහිතව ක්‍රියාත්මක බව ත් එහි මීළඟ පියවර ලෙස වීසා පැනීම නවත්වන බව ත් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක පවසා තිබේ.
එසේ ම, ඔස්ට්‍රේලියාවට පැමිණෙන සෑම උපාධිධාරින් තුන් දෙනකුගෙන් එක් අයෙක් ම අඩු මුදලක පාඨමාලා සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණ බොහෝ කාලයක් එහි රැඳී සිටින බව ග්රැටන් ආයතනය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
Mawbima.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හම්බන්තොට සූරියවැව වැවේගම කැළෑබද ප්‍රදේශයකදී STF නිලධාරීන් සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු මියගොස් තිබේ.
බොරැල්ල පොලිස් වසමේ මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී.එස් සේනානායක හන්දිය දක්වා වූ කොළඹ දෙසට ඇතුළුවන මාර්ගයේ ස්ථානයක ගිලා බැසීමක් හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා ඇතිව තිබේ.
ගොවීන් සඳහා පොහොර සහනාධාරය ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.