කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති CID අත්අඩංගුවට
කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම වෙනුවෙන් වූ වත්මන් ජනාධිපතිවරයාගේ කැපවීම තහවුරු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටද අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ වී තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ක්රිෂ්ණ ශ්‍රීනිවාසන්, ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෘවර් ප්රමුඛ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් සහ IMF සාකච්ඡා සඳහා පත්කෙරුණු මෙරට නියෝජිත කණ්ඩායම ඊට එක්ව සිටියහ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනේ ඉලක්ක සපුරා ගන්නා අතරම ජනතාව මත පැටවෙන පිඩනය ඉවත් කෙරෙන විකල්ප මාර්ගයන් ඔස්සේ එම අරමුණු වෙත ළඟාවීම ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ අරමුණ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම පැය භාගයකට කල් තබන බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රකාශ කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) දහවල් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.