සූරියවැවදී STF සමග වෙඩි හුවමාරුවකින් සැකකරුවෙක් මරුට
හම්බන්තොට සූරියවැව වැවේගම කැළෑබද ප්‍රදේශයකදී STF නිලධාරීන් සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු මියගොස් තිබේ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතහැර වෙනත් පක්ෂයකට යාමට සූදානම්ව සිටින බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිර යන ප්‍රකාශය අසත්‍ය බවත්, එවැනි අදහසක් නොමැති බවත්, හිටපු අමාත්‍ය සනත් නිශාන්ත ගේ බිරිඳ වන නීතිඥ චමරි ප්‍රියංකා පවසයි.
මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඇය මේ බව සඳහන් කළා ය.
“මගේ දේශපාලන ආගමනය සිද්ධ වෙන්නේ දිවංගත සනත් නිශන්ත රාජ්‍ය අමාත්‍යතුමා හේතු කොගෙන. මං කවදා හරි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අත ඇරලා වෙනත් පක්ෂයට යනවා කියන්නෙ මං හිතන්නේ නෑ මොන සමාජ මාධ්‍ය ජාලාවක හෝ කිනම් මාධ්‍යක ප්‍රකාශයට පත් වුණත් මගේ දේශපාලනික ආගමනය සිද්ධ වෙච්ච විදිහට කිසි කෙනෙක් විශ්වාස කරයි කියලා. මගෙත් එහෙම කිසිම බලාපොරොත්තුවක් නෑ…
අපි ආණ්ඩුව කරගෙන යන හැටි එදා ඉදන් අද වෙනකන් තවමත් බලාගෙන ඉන්නවා. ජනතාවට පෙනෙනවා මේ ආණ්ඩුව ජනතාවට සක්‍රීය සේවකයක් කරනවාද? නැද්ද? ඒ අයගේ දැනුමෙන් තියෙන පරිචය පිළිබඳව ජනතාවට පෙනීගෙන යන වෙලාවකදී අපී මෙ..මේ..මේ.. කියලා අත දිග් කරන්න ඇඟිලි දිග් කරන්න අවශ්‍ය නෑ කියලා මම විශ්වාස කරනවා…
ජනතාව දනන්වා ජනතාවට ලබාදීපු පොරොන්දු සහ ඉෂ්ඨ කරපු පොරොන්දු මොනාද සහ නැති පොරොන්දු මොනාද කියලා ජනතාව දන්නවා. ඉතින් අපි විශ්වාස කරනවා අද අපි සංවිධායක ධූර ලිඛිතව ලබා ගැනීම තුළ ආසන තුළ ලොකු පිබිදිමක් ඇති වෙන්න නියමිතයි. අපි දන්නවා ජනාධිපතිවරණය, මහ මැතිවරණයෙන් පස්සේ පළාත් පාලන මැතිවරණය තුළ විශිෂ්ඨ ජයග්‍රහණයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලැබුවා.ඉතින් මේක ඉදිරි මැතිවරණයට තුළ වෙනසක් වීමට නියමිතයි.”
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හම්බන්තොට සූරියවැව වැවේගම කැළෑබද ප්‍රදේශයකදී STF නිලධාරීන් සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු මියගොස් තිබේ.
බොරැල්ල පොලිස් වසමේ මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී.එස් සේනානායක හන්දිය දක්වා වූ කොළඹ දෙසට ඇතුළුවන මාර්ගයේ ස්ථානයක ගිලා බැසීමක් හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා ඇතිව තිබේ.
ගොවීන් සඳහා පොහොර සහනාධාරය ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.