සූරියවැවදී STF සමග වෙඩි හුවමාරුවකින් සැකකරුවෙක් මරුට
හම්බන්තොට සූරියවැව වැවේගම කැළෑබද ප්‍රදේශයකදී STF නිලධාරීන් සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු මියගොස් තිබේ.
බස්නාහිර පළාත තුළ සහ අධිවේගී මාර්ගවල අද (28) සිට Govpay හරහා ස්ථානීය දඩ අය කරගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කර ඇති බව අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.
දඩ ගෙවීමේ දී මුදලේ කිසිදු වෙනසක් සිදුව නොමැති අතර, ස්ථානීය වැරදි 33ක් සඳහා Govpay හරහා දඩ ගෙවිම සිදුකළ හැකි බවත්, එමඟින් දඩ ගෙවන පුද්ගලයාට තැපැල් කාර්යාලයට ගෙවන මුදල ඉතිරි වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එම කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය නිලධාරීන්ට මේ වනවිට පුහුණුව ලබාදී ඇති බව ද පැවසු අමාත්‍යවරයා අද (28) දිනයේ රථ වාහන පොලීසියේ නිලධාරීන් 1000කට දුරකථන ලබාදීමට නියමිත බව ද පැවසුවේ ය.
ඩිජිටල් කටයුතු අමාත්‍යාංශයේ දැඩි කැපවීම මත මෙම කටයුත්ත ඉතා ඉක්මනින් ආරම්භ කිරීමට හැකියාව හිමිවූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හම්බන්තොට සූරියවැව වැවේගම කැළෑබද ප්‍රදේශයකදී STF නිලධාරීන් සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු මියගොස් තිබේ.
බොරැල්ල පොලිස් වසමේ මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී.එස් සේනානායක හන්දිය දක්වා වූ කොළඹ දෙසට ඇතුළුවන මාර්ගයේ ස්ථානයක ගිලා බැසීමක් හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා ඇතිව තිබේ.
ගොවීන් සඳහා පොහොර සහනාධාරය ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.