සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රදේශ කිහිපයක සිදුවූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
පොලීසිය පැවසුවේ මෙම අනතුරු අද (15) දිනයේ සිදුවූ බවය.
ඒ අනුව අද අලුයම් කාලයේදී කුරුණෑගල - දඹුල්ල A-6 මාර්ගයේ කුරුණෑගල උතුරු ඩිපෝව අසලදී දඹුල්ල දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වූ කැබ් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ත්‍රීරෝද රථයක සහ යතුරුපැදියක ගැටී තිබේ.
අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු, පසුපස අසුනේ ගමන් ගත් දෙදෙනෙකු හා යතුරුපැදියේ පැදිකරු තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුලත් කිරීමේදී ත්‍රිරෝද රථයේ රියදුරු හා පසුපස අසුනේ සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 37 හා 43 වයස්වල පසුවන ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පැවසීය.
අනතුර සිදුකළ කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු බීමත්ව රිය පදවා ඇති බවට අනාවරණය වී තිබේ.
මේ අතර අද අලුයම් කාලයේදී ගාල්ල - මාතර ප්‍රධාන මාර්ගයේ කි.මි 134-135 කණුව අතර ප්‍රදේශයේදී ගාල්ල දෙස සිට මාතර දෙසට ගමන් ගත් යතුරු පැදියක් පැදිකරුට වේගය පාලනය කරගත නොහැකිව ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි මෝටර් රථයක ගැටී තිබේ.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු ගොන්නගහහේන රෝහලට ඇතුළත් කිරීමේදි මියගොස් ඇත.
මියගොස් ඇත්තේ අවුරුදු 45ක් වූ මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
'අස්වැසුම' සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් සඳහා ජුනි මාසයට අදාළ දීමනා ගෙවීම හෙට (18) දින සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.