මහනුවරට සහ නුවරඑළියට නායයෑම් රතු නිවේදන
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
මෙරට අතුරුදහන් තැනැත්තන්ගේ ඥාතීන්ට ගරුත්වය ඇතිව දිවි ගෙවීමට හැකියාව ඇති කරමින් අතුරුදහන් තැනැත්තන්ට අත්වූ ඉරණම සනාථ කිරීමට සෑම උත්සාහයක්ම බලධාරීන් විසින් දැරිය යුතු බව ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව අවධාරණය කර තිබේ.
අතුරුදහන් තැනැත්තන් සෙවීමට සහ ඔවුන්ගේ පවුල්වලට පිලිතුරු සැපයීමට සාමූහික සහ තිරසර ලෙස ප්රයත්න දැරීමක් අවශ්‍ය බවත් මෙම ක්‍රියාවලියට අධිකරණ වෛද්‍ය පද්ධති, අතුරුදහන් තැනැත්තන්ට අත්වූ ඉරණම සහ ඔව්හු කොහේ සිටිත්දැයි නිගමනය කිරීමට යාන්ත්‍රණ පිහිටුවීම, සහ අතුරුදහන් වීම සිදුවූ තත්වය මෙන්ම මිනිස් අවශේෂ සහ සමූහ මිනී වළවල් පිළිබඳ තොරතුරු රැස් කිරීම සහ විශ්ලේෂණය කිරීම ඇතුළු ජාතික නෛතික සහ ආයතනික රාමුගත වැඩසටහන් ශක්තිමත් කිරීම යනාදී කාරණා ඇතුළත් බවත් එම සංවිධානය පෙන්වා දී ඇත.
අගෝස්තු 30 වැනිදාට යෙදෙන අතුරදන් වූ තැනැන්තන් පිළිබඳ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් ඊයේ (28) දින ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව විසින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වී තිබේ.
එමෙන්ම, ගෝලීය වශයෙන් ලබා ඇති පළපුරුද්ද උපයෝගී කර ගනිමින්, අතුරුදහන් වූ තැනැත්තන්ට අත්වූ ඉරණම සහ ඔවුන් කොහේ සිටිත්දැයි පැහැදිලි කිරීමේ ක්‍රියාවලියට දායකවීම පිණිස, එහි මානුෂවාදී වරය ප්‍රකාරව, එම සංවිධානය සතු තාක්ෂණ විශේෂඥතාවන් මෙරට අදාළ පාර්ශ්වකරුවන්ට අඛණ්ඩව ලබාදීමට සූදානමින් පසුවෙන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
එම සම්පූර්ණ නිවේදනය පහතින්,


ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උත්සව සමය තුළ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි වාර්තා වී ඇති බවත් එබැවින් මුදල් පරිහරණය කිරීමේ දී ව්‍යාජ නෝට්ටු පිළිබඳ ජනතාව විමසිලිමත් විය යුතු බවත් පොලීසිය පවසයි.