මාර්ගයේ ගිලා බැසීමක් : බොරැල්ල දෙසට ගමනාගමනය සීමා වෙයි
බොරැල්ල පොලිස් වසමේ මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී.එස් සේනානායක හන්දිය දක්වා වූ කොළඹ දෙසට ඇතුළුවන මාර්ගයේ ස්ථානයක ගිලා බැසීමක් හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා ඇතිව තිබේ.
ශ්‍රී ලංකා විදුලි පනත් කෙටුම්පත වැඩි ඡන්ද 44කින් පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සම්මත විය පනතට පක්ෂව ඡන්ද 103ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 59ක් පමණි.
ශ්‍රී ලංකා විදුලි පනත් කෙටුම්පත වැඩි ඡන්ද 44කින් පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සම්මත විය පනතට පක්ෂව ඡන්ද 103ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 59ක් පමණි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයා සහ සමගි ජන බලවේගයේ සිට ආණ්ඩුවට සම්බන්ධ වූ මන්ත්‍රීවරු පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ සමග ජන බලවේගය ජනතා විමුක්ති පෙරමුණ, නිදහස ජනතා සන්ධානය සහ දෙමළ ජාතික සන්ධානය යන පක්ෂවල මන්ත්‍රීවරු වෙති. අනුර පියදර්ශන යාපා, ප්‍රියංකර ජයරත්න, නිමල් ලන්සා, ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න සහ අලි සබ්රි රහිම් යන මන්ත්‍රීවරුද පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. මේ අතර පනත් කෙටුම්පත තෙවැනි වර කියවීම ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත වූ බව කතානායකවරයා දැනුම් දුන්නේය.
බොරැල්ල පොලිස් වසමේ මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී.එස් සේනානායක හන්දිය දක්වා වූ කොළඹ දෙසට ඇතුළුවන මාර්ගයේ ස්ථානයක ගිලා බැසීමක් හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා ඇතිව තිබේ.
ගොවීන් සඳහා පොහොර සහනාධාරය ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඉදිරි පැය 36 සදහා බලපැවැත්වෙන පරිදි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.