සූරියවැවදී STF සමග වෙඩි හුවමාරුවකින් සැකකරුවෙක් මරුට
හම්බන්තොට සූරියවැව වැවේගම කැළෑබද ප්‍රදේශයකදී STF නිලධාරීන් සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු මියගොස් තිබේ.
ලබන වසරේ මුල් භාගයේදී ලෝක ප්‍රසිද්ධ පොප් ගායක එඩ් ෂීරන්ගේ සංගීත ප්‍රසංගයක් ශ්‍රී ලංකාව පැවැත්වීමට පෞද්ගලික ආයතන දෙකක් විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.
ඔහු සඳහන් කළේ 2025 වසරේ ජනවාරි හෝ පෙබරවාරි මාසයෙදී කොළඹදී පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම ප්‍රසංගය Cinnamon Life සහ Bookmyshow යන ආයතන එක්ව සංවිධානය කිරීමට යෝජනා ඉදිරිපත් කර ඇති බවයි.
කෙසේවෙතත්, මෙම ප්‍රසංගය පැවැත්වීම සම්බන්ධ තීරණය තවමත් සාකච්ඡා මට්ටමේ පවතින බවයි වාර්තා වෙන්නේ.
වසර ගණනාවකින් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු ජාත්‍යන්තර ගායන ශිල්පියා ඒ අනුව එඩ් ශීරන් වෙනු ඇති බවත් සංචාරක හා විනෝදාස්වාද කර්මාන්තය දියුණු කිරීමේ රජයේ වැඩපිළිවෙල යටතේ මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන බවත් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා තවදුරටත් පවසා තිබෙනවා.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හම්බන්තොට සූරියවැව වැවේගම කැළෑබද ප්‍රදේශයකදී STF නිලධාරීන් සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු මියගොස් තිබේ.
බොරැල්ල පොලිස් වසමේ මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී.එස් සේනානායක හන්දිය දක්වා වූ කොළඹ දෙසට ඇතුළුවන මාර්ගයේ ස්ථානයක ගිලා බැසීමක් හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා ඇතිව තිබේ.
ගොවීන් සඳහා පොහොර සහනාධාරය ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.