ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පනස් අටදහස් තුන්සිය හතරකට 2015 වර්ෂයේ සිට 2020 දක්වා ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාදී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අද (18) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
එම කාලයේදී ද්විත්ව පුරවැසිභාවය සඳහා 63917 දෙනකු ඉල්ලුම්පත් ඉදිරිපත් කර තිබූ බව ද ඔහු කීවේය.
ඒ අනුව, ද්විත්ව පුරවැසිභාවය නිකුත් කර ඇත්තේ මෙලෙසිනි,
* 2015 - 16184
* 2016 - 13933
* 2017 - 8881
* 2018 - 8747
* 2019 - 7405
* 2020 - 3154
ආරක්ෂක අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සමග ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උත්සව සමය තුළ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි වාර්තා වී ඇති බවත් එබැවින් මුදල් පරිහරණය කිරීමේ දී ව්‍යාජ නෝට්ටු පිළිබඳ ජනතාව විමසිලිමත් විය යුතු බවත් පොලීසිය පවසයි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.