ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් විජේසූරිය පවසයි.
ලබන 11 වෙනිද පෙරවරු 8 ට පෙර සිය ගැටලුවලට විසඳුම් ලබා නොදෙන්නේ නම් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව යි ඔහු සඳහන් කළේ.
"ස්ථානමාරු ලැයිස්තුවල ගැටලු සඳහා නිසි මැදිහත් වීමක් සෞඛ්‍ය අමාත්‍යාංශ පාර්ශවයෙන් සිදුවෙන්නේ නැත්නම්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව විදියට අපි තීරණය කරලා තියෙනවා දිවයින පුරා දීප ව්‍යාප්තව වැඩවර්ජනයකට යන්න මෙම ප්‍රශ්නයට විසඳුම් ඉල්ලලා. අපි කල්දුන්නා සෞඛ්‍ය අමාත්‍යාංශයට. අපි දිගින් දිගටම සාකච්ඡා කරලා තියෙනවා. නමුත් මේ නිලධාරීන් ඇස්කන් පියාගෙන ඉන්නේ. යම් හෙයකින් ලබන11 වෙනිදා උදේ 8 වෙද්දි සෞඛ්‍ය අමාත්‍යාංශය සුදානම් නැත්නම් මේ සම්බන්ධයෙන් සාධනීය මැදිහත්වීමක් කරන්න අපි ඒක මතිකව තීරණය කළා දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට යන්න."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උත්සව සමය තුළ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි වාර්තා වී ඇති බවත් එබැවින් මුදල් පරිහරණය කිරීමේ දී ව්‍යාජ නෝට්ටු පිළිබඳ ජනතාව විමසිලිමත් විය යුතු බවත් පොලීසිය පවසයි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.