සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 6 ක් යොදවා ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ, ඊට අදාළ විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.
2023 දෙසැම්බර් 31 වැනිදා මාතර පැලෑන ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නැයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 28 වැනිදා වරෙන්තු නිකුත් කළ අතර අනතුරුව ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවේ ය.
මේ අතර, අධිකරණය මඟහරින වරෙන්තුකරුවන්ගේ දේපල පවරා ගැනීමට කටයුතු කරන බව, මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල ඊයේ ප්‍රකාශ කළේ ය.
ඔහු අවධාරණය කළේ, නීතිය ක්‍රියාත්මක කිරීමට තරාතිරම අදාළ නොවන බවයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
'අස්වැසුම' සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් සඳහා ජුනි මාසයට අදාළ දීමනා ගෙවීම හෙට (18) දින සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.