යෝෂිත ඇප මත නිදහස් : විදෙස් ගමන් තහනම්
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
රජයේ පාසල් පද්ධතිය තුළ පවතින ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් මේ වසර අවසානයේ දී ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
ඒ අනුව, ගුරුවරුන් 23,000ක ප්‍රමාණයක් බඳවා ගැනීමට අනුමැතිය හිමි වී ඇති බවයි අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ.
මෙම බඳවා ගැනීම් හේතුවෙන් 2027 වසර වන විට ගුරු පුරප්පාඩු ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කර ගත හැකි බවයි අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී බස්නාහිර පළාත් ජාතික පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කිරීම සහ ධාරිතා
සංවර්ධන වැඩසටහන සඳහා පැමිණ සිටි බස්නාහිර පළාතේ ජාතික පාසල්වල විදුහල්පතිවරුන් අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවා ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවේ විභාගය අද (17) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ වුණි.