ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වසර 2030 වන විට තිරසර සහ පූර්ණ සංවර්ධනයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවීම සඳහා වන පුළුල් ප්‍රතිපත්ති ඇතුළත් කරමින් ලංකා වාණිජ මණ්ඩලය විසින් සකස් කරන ලද ලේඛනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත බාර දීම අද (09) ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ.
විෂන් 2030’ මඟින් මීළඟ වසර පහ තුළ ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් කුමන දිශාවට ගමන් කළ යුතුද යන්න විග්රහ කර ඇති අතර ඒ වෙනුවෙන් සියලු ක්ෂේත්රයන්හි ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදුවිය යුතු ආකාරය මෙන්ම එමඟින් ආර්ථිකයට ලැබෙන ප්රතිලාභ පෙන්වා දී තිබේ.
දළ දේශීය නිෂ්පාදිතයේ 6.5% ක වර්ධන වේගයක් අත්කර ගැනීම, උද්ධමනය සහ විරැකියා අනුපාතය 5%ක් දක්වා අඩු කරලීම අරමුණු කර ගනිමින්, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා දියුණු කිරීමත්, කෘෂිකර්මාන්තය සහ ඩිජිටල් යටිතල පහසුකම් වර්ධනය කිරීමට ප්‍රමුඛත්වය දී මෙම ලේඛනය සකස් කර ඇත.
ඒ වෙනුවෙන් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය, නියාමන ප්‍රතිසංස්කරණ, යටිතල පහසුකම් ආයෝජන සහ දේශගුණික විපර්යාස යන අංශයන් වල සූදානම් කළ යුතු ආකාරය ද මෙමඟින් පැහැදිලි කර තිබේ.
ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව, උප සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර, නියෝජ්‍ය උප සභාපති බිඟුමල් තෙවරතන්ත්‍රි, අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජික සුපුන් වීරසිංහ, මහලේකම් සහ ප්‍රධාන විධායක නිලධාරී බුවනෙකබාහු පෙරේරා, නියෝජ්‍ය මහලේකම් සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අලිකී පෙරේරා, සංජය ආරියවංශ සහ මංජුල ද සිල්වා යන අය මෙම අවස්ථාවට සහභාගී වූහ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උත්සව සමය තුළ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි වාර්තා වී ඇති බවත් එබැවින් මුදල් පරිහරණය කිරීමේ දී ව්‍යාජ නෝට්ටු පිළිබඳ ජනතාව විමසිලිමත් විය යුතු බවත් පොලීසිය පවසයි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.