සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
පාසල්වල සිදුකරන විවිධ සැමරුම් උත්සව සඳහා මව්පියන්ගෙන් මුදල් එක්රැස්කිරීම් සිදු නොකළ යුතු බව දන්වමින් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර විසින් දිවයිනේ සියලු පාසල්වල විදුහල්පතිවරුන් වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
ලෝක ළමා දිනය, ගුරු දිනය ආදී විවිධ සැමරුම් උත්සව සඳහා මව්පියන්ගෙන් මුදල් එකතු කිරීම් සම්බන්ධයෙන් අමාත්‍යංශය වෙත පැමිණිලි රැසක් ලැබී ඇති බවත් එවැනි සිදුවීම් හේතුවෙන් මව්පියන් හා සිසුන් පීඩාවට පත්වන අතර ගුරුවරුන්ට මෙන්ම විදුහල්පතිවරුන්ට ද විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුවන බව අමාත්‍යංශ ලේකම්වරිය පෙන්වා දුන්නාය.
මේ හේතුවෙන් පාසල්වල උත්සව පැවැත්වීම සඳහා මව්පියන්ගෙන් මුදල් එකතු කිරීම නොකළ යුතු බවට අවධාරණය කර ඇති අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර, එවැනි ගැටලුකාරී තත්ත්වයන් පාසල්වල ඇති නොවීමට විදුහල්පතිවරුන් වගබලා ගත යුතු බව අදාළ චක්රලේඛයෙන් දැනුම් දී ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
'අස්වැසුම' සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් සඳහා ජුනි මාසයට අදාළ දීමනා ගෙවීම හෙට (18) දින සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.